Last Update  :  2024-12-14 14:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අසලංකගේ පිතිහරඹය මොරිස්විල් පිල දිනවයි
අබුඩාබි දහයයි -10

අසලංකගේ පිතිහරඹය මොරිස්විල් පිල දිනවයි

editorial - 2024 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චරිත් අසලංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ අබුඩාබි දහයයි-10 ලීග ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට මොරිස්විල් සෑම්ප් ආමි කණ්ඩායම අද (27 වැනිදා) සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මොරිස්විල් සෑම්ප් ආමි කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 112 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 25 කින් ලකුනු 51 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

දුවද්දී දැවී යෑමකට හසුවීම හේතුවෙන් චරිත්ගේ ඉනිම නිමා වූ අතර කරීම් ජානට් පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද, ඉමාඩ් වසීම් පන්දු 4 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 12 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 112 ක් දක්වා ඔසවා තැබූහ.  

ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි බුල්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. කයිස් අහමඩ්, කරීම් ජානට් සහ මොහොමඩ් සාහිඩ් කඩුල්ල බැගින් බිඳහෙළමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

වේගවත් පිතිහරඹයක නිරත වූ ටිම් ඩේවිඩ් පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කිරීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 11 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 


මොරිස්විල් සෑම්ප් ආමි පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 112 
(චරිත් අසලංක 51, කරීම් ජානට් 17, ඉමාඩ් වසීම් නොදැවී 12, ශාහිඩ් බුතාතා 20/2) 

දිල්ලි බුල්ස් පිල - ඕවර 10 කදී කඩුලු 4 කට 110 
(ටොම් බැන්ටන් 25, රෝමන් පවෙල් 21, ටිම් ඩේවිඩ් නොදැවී 37) 


-036


අදහස් (0)

අසලංකගේ පිතිහරඹය මොරිස්විල් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.