Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner යොවුන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සිහින තරගාවලිය

යොවුන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සිහින තරගාවලිය

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක ක‍්‍රිකට් ගම්මානයේ යොවුන් ක‍්‍රීඩකයන්ගේ මහා මංග්‍යය ලෙස සැළකෙන වයස 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දහවැන්න මේ මස 14 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ආරම්භ වේ.

ලෝක ක‍්‍රිකට් පිටියේ පතාක යෝධයකු වන ශ්‍රී ලංකාව, මොරටුව වේල්ස් කුමර විදුහලේ දක්‍ෂ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් මෙවර තරගාවලියට සහභාගි වෙයි.

ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල චරිත රැුසක්ම යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන් වීම නිසා ජාත්‍යන්තර තලයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ක‍්‍රීඩකයයන්ගේ සිහිනයක් බවට වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය පත්ව තිබේ.

වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල චරිත රැසක්ම යොවුන් ලෝක කුසලාන තරගාවලිවලදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන් වන අතර ඒ අතරින් 2008 වසරේ මැලේසියාවේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශූරයන් වූ ඉන්දීය පිලේ නායක විරාට් කෝලි වර්තමාන ක‍්‍රිකට් පිටියේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටීම කැපී පෙනේ.

ලෝක එක්දින පිටිය උඩු යටිකුරු කරමින් 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ 1988 + 89 මුල්ම යොවන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ සාමාජිකයෝ වූහ.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන 1998 වසරේ දකුණු අප‍්‍රිකාවේදී පැවැති දෙවැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දක්‍ෂතම කඩුලූ රකින්නා ලෙස සම්මාන හිමිකර ගැනීම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව පැත්තෙන් සුවිශේෂි අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේදී 2000 වසරේ පැවැති තෙවැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරයන් වීම ශ්‍රී ලංකාව මෙවන් තරගාවලියක ලබා ඇති ඉහළතම ජයග‍්‍රහණය වන අතර එම කණ්ඩායම නියෝජනය කළ ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, කෞෂාල් ලොකුආරච්චි, කෞෂල්‍ය වීරරත්න, අකලංක ගණේගම, ප‍්‍රභාත් නිශ්ශංක සහ මුතුමුදලිගේ පුෂ්පකුමාර යන ක‍්‍රීඩකයෝ හත් දෙනකුම පසුකළෙකදී ජාතික කණ්ඩායම නියෝජනය කළහ.

ඕස්ටේ‍්‍රලියාවේදී 2012 වසරේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව යොවුන් ලෝක ඉතිහාසයේ පළමු වතාවට සුපිරි වටයට සුදුසුකම් නොලබා පළමු වටයෙන් ඉවත් විය.    

වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් 2006 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීය. විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් 2008 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු විය.

වර්තමාන ශ්‍රී ලංකා පිල නියෝජනය කරන යොවුන් ක‍්‍රීඩකයන් වන කෞෂාල් සිල්වා (2004), දිමුත් කරුණාරත්න (2006), ළහිරු තිරිමාන්න (2008), කුසල් ජනිත් (2008), තිසර පෙරේරා (2006 සහ 2008), අෂාන් ප‍්‍රියංජන් (2006 සහ 2008), ඇන්ජලෝ පෙරේරා (2008), කිත්රුවන් විතානගේ (2010) යොවුන් ලෝක කුසලාන තරගාවලි වලදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළහ.

රොෂාන් වීරක්කොඩි (1988), ප‍්‍රදීප් හේවගේ (1998), මලින්ත ගජනායක (2000), ධම්මික නිරෝෂණ (2002), ෆර්විස් මහරුෆ් (2004), ඇන්ජලෝ මැතිව්ස් (2006), අෂාන් ප‍්‍රියංජන් (2008), චතුර පීරිස් (2010) සහ සනිත ද මෙල් (2012) ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් නායකයෝ වෙති.

පළමු යොවුන් ලෝක කුසලාන තරගාවලිය 1988 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති අතර ඊට වසර 10 කට පසුව 1998 වසරේ දෙවැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප‍්‍රිකාවේදී පැවැත්විණි.

එතැන් සිට යොවුන් ලෝක කුසලාන තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වූ අතර 2000 සහ 2006 වසරවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. අවසන් ලෝක යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2012 වසරේ  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්විණි.

ඕස්ටේ‍්‍රලියාව 1988, 2002 සහ 2010 තරගාවලි තුනේ ද, ඉන්දියාව 2000, 2008 සහ 2012 තරගාවලි තුනේ ද, ශූරයන් බවට පත්වෙමින් තෙවරක් ශූරයන් බවට පත්ව තිබේ. පාකිස්තානය 2004 සහ 2006 යන තරගාවලිවල ශූරයන් බවට පත්ව ඇති අතර එංගලන්තය 1998 වසරේ ශූරයන් බවට පත්විය.

ඕස්ටේ‍්‍රලියාව මෙතක් සහභාගි වී ඇති තරගාවලි නවයේදී තරග 61 න් තරග 47 ක් ජය ලබා ඇති අතර එහි සාර්ථකත්වය 77.05% කි. පාකිස්තානය තරග 57 කින් තරග 41 ක් ජය ලබා 71.93% ක ද, ඉන්දියාව තරග 59 කින් තරග 42 ක් ජය ලබා 71.19% ක ද, සාර්ථකත්වයක් රඳවාගෙන තිබේ.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගවලි නවයේ තරග 56 කදී තරග 30 ක් ජය ලබා 53.57 ක සාර්ථකත්වයක් පෙන්වා තිබේ.

 

ඡායාරූපය - ශාන්ත රත්නායක


අදහස් (0)

යොවුන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සිහින තරගාවලිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.