Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner අයර්ටන් සෙනා පිළිබඳ නොමියෙන මතකය

අයර්ටන් සෙනා පිළිබඳ නොමියෙන මතකය

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 


අයර්ටන් සෙනා යනු කවුරුන්ද? මෙම පැනයට පිළිතුරු කිහිපයක්ම තිබේ.
පළමුවැන්න ඉදිරිපත්වනු ඇත්තේ ලොව අංක එකේ කිී‍්‍රඩා ක්ෂේත‍්‍රයක් වන ෆෝමියුලා I කාණ්ඩයේ  ධාවන තරග ලොවින්ය. අයර්ටන් සෙනා යනු මෙතෙක් පහළවූ විශිෂ්ටතම ෆෝමියුලා I කාණ්ඩයේ  ධාවකයෙකු යැයි ඔවුන් ඔහුව හදුන්වාදෙනු ඇත.

දෙවැන්න ප්‍රෙක්ෂකයින්ගෙනි. සෑම විටම ලොමුදැහැ ගැන්වෙන ධාවන විලාශයක් පෙන්වූ, තරගයක පළමු තැන ගැනීමට  ඕනෑම කැපකිරීමකට සූදානම්ව සිටි කිී‍්‍රඩකයෙකු මෙන්ම සියල්ල එක්ව ගත්කළ ෆෝමියුලා I කාණ්ඩයේ ලොවට ආලෝකයක් ගෙනදුන් පුද්ගලයෙකු ලෙසද ඔවුන් සෙනා හදුන්වාදෙනු ඇත.

තෙවැන්න ඉදිරිපත් වනු ඇත්තේ සෙනාගේ උපන් රට වන බ‍්‍රසීලයෙනි. විශ්වාස කළ නොහැකි තරමේ මානව හිතවාදී කමක් පෙන්වූ, උස් පහත් භේදයන් නොසැළකූ, දුප්පත් පොහොසත් භේද නොසැලකූ, තමන්ට ඉටුවිය යුත්තේ මොනවාදැයි විමසනවාට වඩා තමාගෙන් ඉටුවිය යුතුව ඇත්තේ මොනවාදැයි විමසූ මිහිපිට මිනිස් වෙසින් පහළ වූ දෙවියෙකු ලෙස අයර්ටන් සෙනාව ඔවුන් හදුන්වාදෙනු ඇත.

අයර්ටන් සෙනා ඉතිරි කර ගොස් ඇති ඔහුගේ මේ මතකයන්ට සම කළ හැකි කිසිවෙක් එදා මෙදා තුර ෆොමියුලා I කාණ්ඩයේ තරග බිමෙන් බිහිවී නැත. ඉදිරියේදීවත් එවැන්නෙකු බිහිවන ලකුණු පෙනෙන්නටද නැත.

සෙනා සිහින දකිමින් සිටි පරිදිම, තමන් උපන් බ‍්‍රසීලයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතීන් රැසක් ඔහුගේ මරණයෙන් වසර 20 ක් ගතවී ඇති අද දිනය වන විටද කි‍්‍රයාත්මකය. බ‍්‍රසීල ජනතාවට අයර්ටන් සෙනා යනු දෙවියෙකි.
සොරුන්ගේ හා පාදඩයින්ගේ පාරාදිීසයක් යැයි හංවඩු ගැසී තිබුණු බ‍්‍රසීලයට නව පණක් ලැබුණේ අයර්ටන්  නිසා යැයි කීම නිවැරදිය.

ඔහු ෆෝමියුලා , කාණ්ඩයේ  තරග වලින් ජය පිට ජය ලබද්දී, බ‍්‍රසීල ධජය පොරවාගෙන වේදිකාවේ වැජඹෙද්දී, බ‍්‍රසීල ජාතික ගීය වාදනය වන විට උදාර ලෙස බලා සිටිද්දී ඒවා බලා දිරිය ලැබුවේ බ‍්‍රසීලයයි.

”ඔහු පුදුමාකාර මනුෂ්‍යයෙක්. ඔහු තරග පමණක් නොවේ ජීවිතයද දිනා ගත්තෙක්. ඔහුගේ කැපවීම, විනය, දරාගැනීමේ හැකියාව, ධෛර්යය කිසිවෙකුට සම කරන්නට බැහැ” යයි අයර්ටන් සෙනාගේ සොහොයුරිය වන විවියන් සෙනා කියන්නීය.

”ඔහුගේ ජයග‍්‍රහණයන් ඇත්ත වශයෙන්ම විශිෂ්ට ගණයේ ඒවා. මුලූ ලෝකයම ඔහුව පැසසුවා. ඒත් ඒවායින් ඔහු ඔලූව උදුම්මාගත්තේ නැහැ. ඔහුට  ඕනෑ වුනේ මේ බ‍්‍රසීලයේ දුප්පත් ජනතාවට උදවු කරන්න....ඔවුන් වෙනුවෙන් කැපවෙන්න.”
”ඔහුගේ මරණයට කලින්, 1994 මාර්තු මාසයේදී, ඔහු මාව හමුවුණා. ඔහු කතාකළේ ළමුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමක් ගැන” විවියන් සෙනා පවසන්නීය.

1994 වසරේ මැයි මස පළමුවැනිදා ඉතාලියේ ඉමෝලා ධාවන පථයේදී සිදුවූ රිය අනතුරකින් අයර්ටන් සෙනා අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තේය. පැයට කිලෝ මීටර 300 ක වේගයෙන් රිය පදවාගෙන ආ සෙනාට වංගුව මගහැරී යාම නිසා රථය මාාර්ගයෙන් ඉවතට විසිවී තාප්පයේ වැදුනේ පැයට කිලෝ මීටර 250 ක වේගයෙනි.

අනතුර සිදුවූ සැණෙකින් අයර්ටන් සෙනා රැගත් හෙලිකොප්ටර් යානයක් බොලොග්නා හි පිහිටි සුපිරි රෝහලක් බලා ඉගිළ ගිය නමුත් අනතුරෙන් පැය 4 කට පමණ පසුව සෙනා සදහටම සමුගත් බව වෛද්‍යවරු නිවේදනය කළහ.

ඔහුගේ සොහොයුරිය විවියන්, අද වන විට බ‍්‍රසීලයේ අයර්ටන් සෙනා ආයතනයේ මුල්පුටුව හොබවන්නීය. යහපත් බ‍්‍රසීලයක් ඇති කිරීමේ තම සොහොයුරාගේ අරමුණ වෙනුවෙන් ඇය කටයුතු කරමින් සිටින්නීය. තම සොහොයුරා මියගොස් සිටියද ඔහු පිළිබඳ මතකය බ‍්‍රසීල ජනතාවගේ හදවත්වල සදාකල් රැුදෙනු ඇති බව ඇය කියන්නීය.

”ඇත්තටම ඔහු දැන් සිටියානම් තවමත් කිී‍්‍රඩාව වෙනුවෙන් පෙනී සිටීවි”
”මා සිතන්නේ නැහැ ඔහු ෆෝමියුලා , කාණ්ඩයේ  පාලනාධිකාරියට එක්වනු ඇතැයි කියලා. මොකද ඔහු එහි දේශපාලන ස්වරූපයේ තීන්දු තීරණ ගැනීම් වලට කැමැත්තෙන් නොවේ සිටියේ. කොටින්ම ධාවන පථයට එපිටින් පිහිටි ලෝකයක් වුනු කාර්යාල වල සිදුවන දේවල් ගැන ඔහුට කිසිම පැහැදීමක් තිබුණේම නැහැ” විවියන් තම මතකය අවදි කරන්නීය.

බ‍්‍රසීල ජනතාවගේ තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් බ‍්‍රසීල රජය හා අත්වැල් බැදගෙන කටයුතු කරන ආයතනයක් ලෙස අයර්ටන් සෙනා ආයතනය ඇය හදුන්වා දෙන්නීය. ආයතනයේ ප‍්‍රධාන අරමුණ වන්නේ දුප්පත් හා විවිධ දුෂ්කරතාවලින් පෙළෙන ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථා සපයා දීමයි.

”අයර්ටන් වැඩි වශයෙන්ම පෙනී සිටියේ ළමුන් වෙනුවෙන්. ඔහුට අවශ්‍ය වුනා බ‍්‍රසීලයේ ජනතාවට තම තමන්ගේ සිහින දිනාගෙන අවසානයේ ජීවිතයද දිනා ගැනීමේ මාර්ග විවිර කරලා දෙන්න”

”අධ්‍යාපනය තමයි මේ සියල්ලට විසදුම ලෙස ඔහු දැක්කේ. ඔහුගේ සිහිනය සැබෑ කරන්නට අප දැන් කටයුතු කරමින් සිටිනවා. මේ ආයතනය යටතේ දැනට ළමුන් ලක්ෂ 20 ක් පමණ සිටිනවා. ඔවුන්ට අධ්‍යාපනය දෙන්න අප වසරක් පාසා නගර 1000 කින් පමණ තෝරාගන්නා ගුරුවරු 75000 ක පමණ ප‍්‍රමාණයකට පුහුණුව ලබාදෙනවා” ඇය පවසන්නීය.

”අයර්ටන් තමන්ගේ නම දිනාගත්තේ ගොඩක් දුක්විඳලා. ඔහුගේ මේ කැපවීම බ‍්‍රසීල ජනතාව දන්නවා. නමුත් ලෝකයම ඔහුගේ මේ කැපවීම ගැන දන්නවා කියලා මා දැනගත්තේ මට ලැබුණු එක් ලිපියකින්. එය එවා තිබුණේ ලැට්වියාවේ වෙසෙන කුඩා දරුවෙක්” විවියන් හෙළි කරන්නීය.

ඔහු කියලා තිබුණා තමන්ගේ අල්මාරියේ දොරේ ඔහු සෙනාගේ ඡුායාරූපයක් සවිකරගෙන සිටිනවා කියලා. ඔහු සෑම දිනකම උදේ නැගිට්ට ගමන්ම ඒ රූපය ගාවට ගිහිල්ලා මෙහෙම කියනවලූ”

”මම ඔබ වගේම සටන් කරනවා. පසුබහින්නේ නැහැ. සියලූ අභියෝග හා බාධා මැඩගෙන මා ඉදිරියටම යනවා....ඒ දරුවාගේ ලිපිය කියෙව්වහම මට දැනුනු හැගීම කියන්න වචන නැහැ. මට තේරුණා මගේ සහෝදරයාගේ නම හා ඔහු කවුරුන්දැයි යන්න මුලූ ලෝකයාම හදුනාගෙන සිටින බව” විවියන් වැඩිදුරටත්  කියන්නීය.

මේසා මිනිසත් බවක් පෙන්නුම් කළද අයර්ටන් ධාවන පථයේදී නම් පළ කළේ රුදුරු වේෂයකි. ඔහු එන මගින් පැන ගැනීමට සියලූ ධාවකයෝ කටයුතු කළහ. ඒ ඔහුගේ ප‍්‍රචණ්ඩභාවය නිසා පමණක්ම නොව ඔහු සැබෑ දක්ෂයෙකුද වීම නිසාය.

ෆෝමියුලා , කාණ්ඩයේ  තරග බිමේ අති දක්ෂ ධාවකයෙකු ලෙස අයර්ටන් සෙනා සැළකෙන්නේ ඔහු ලබා ඇති ජයග‍්‍රහණයන් නිසාය.

ගෝන්පී‍්‍ර තරග 161 කදී, පෙරමුණේ සිට තරග ආරම්භ කිරීම් 64 ක්, මුල් ස්ථාන වල සිට තරග ආරම්භ කිරීම් 87 ක්, ගෝන්පිී‍්‍ර තරග දිනුම් 42 ක් හා 1988, 1990 සහ 1991 වසරවලදී ෆෝමියුලා , කාණ්ඩයේ  ලෝක ශූරතාවට තෙවරක්ම හිමිකම් කී කිී‍්‍රඩකයෙකු වීමත් ඔහු කවර ආකාරයේ දක්ෂයකුදැයි හොදින්ම පෙන්වා දෙන්නකි.
ප‍්‍රථම වතාවට ෆෝමියුලා , කාණ්ඩයේ  ලෝක කුසලානය බ‍්‍රසිීලයට දිනා දුන්නේද සෙනාය.

මෙවන් පුද්ගලයෙකු යැයි අයර්ටන් සෙනා හදුන්වාදීම කළ නොහැක්කකි. වරෙක ඔහු තම කිී‍්‍රඩා සගයින්ගේ ජීවිත පවා අනතුරේ හෙළමින් තම රථය ධාවනය කරයි. තවත් වරෙක ධාවන පථයේ අනතුරට ලක්ව සිටින ප‍්‍රතිවාදී කී‍්‍රඩකයකුගේ සහයට දිව යන්නේ තම ජීවිතය ගැන පවා නොතකමිනි.

ඔහුගේ මරණය සිදුවූ 1994 මැයි 01 වැනිදාට පෙර සතිය අනතුරු වලින් ගහණ සතියක් විය. තරග පැවැත්වීමට නියමිතව තිබූ ඉතාලියේ ඉමෝලාහි සැන් මැරිනෝ ගෝන්ප‍්‍රී තරග පථයේ බියකරු අනතුරු කිහිපයක්ම සිදුවිය.

මහා තරගයට දින කිහිපයකට පෙර සෙනසුරාදා දිනයේදී පැවති පුහුණු සැසියකදී  ඕස්ටේ‍්‍රලියා ජාතික රෝලන්ඞ් රැට්සෙන්බර්ගර් ඉතා අවාසනාවන්ත ලෙස මියගියේය. මෙය සෙනා කම්පනයට පත්කිරීමට සමත්වුනු බව එදවස ඔහු හා සමිීපව කටයුතු කළෝ කියති. නමුත් සෙනාද ළග එන පළමුවැනිදා ඔවුන් අතරින් වියෝවනු ඇති බව ඔවුන් සීනෙකුදු පවා නොසිතන්නට ඇත. මිය යන විටදී අයර්ටන් සෙනා යන්තම් 34 විය ලැබුවා පමණි.

ලෝක කුසලාන තරගාවලියකට පසු  ඕස්ටේ‍්‍රලියාවේ සෙනා හමුවූ අවස්ථාවක් පිළිබඳ ෆෝමියුලා , කාණ්ඩයේ  ධාවන තරග වාර්තා කළ මාධ්‍යවේදියෙකු සිහි කැදවයි.

”ඔහු සිටියේ ඬේවිඞ් ජෝන්ස් සුපිරි වෙළද සංකීර්ණය ඇතුළේ. මා ඔහු අසළට ගියා. ඔහු අසළ ඇදුම් තොගයක් ගොඩගසා තිබුණා. මා මිීට පෙර ඔහු එක් අවස්ථාවක හමුව තිබුණා. එදා මගේ පුතා ජොෂුවාගේ නම සෙනාගේ අතින්ම මා කොළයක ලියවා ගත්තා”

”ඔහු මා දුටුවා...‘ආ මේ ඔයානේ’ ඔහු සිනාවුණා.

”මම ඔයා කියන දේවල් වලට හැමවෙලේම එකග වෙන්නේ නැහැ. ඒත් මම ගරුකරනවා ඔබට. ඔබ ඔබගේ මතය ප‍්‍රකාශයට පත්කරනවා’....යයි කියමින් ඔහු මට ඉතා උණුසුම් විදියට අතට අත දුන්නා. කොහොමද ජොෂුවාට? ඔහු මගෙන් විමසුවා” යයි ලියන්නා මතකය අවදි කළේය.

”මොකක්ද ඔබ මේ කරන්නේ? මා විමසුවා.”
පිළිතුර ලෙස ඔහු සාක්කුවෙන් එළියට ගත්තේ කොළයක්. එහි නම් රාශියක් ලියැවී තිබුණා.

හැම නමකටම ඉදිරියෙන් පාවහන් වල ප‍්‍රමාණය දක්වා තිබුණා. ඒ බ‍්‍රසීලයේ සාවෝ පාවුලෝ වල ඔහුගේ සහන සේවා සංවිධානයේ සේවය කළ පුද්ගලයින්ගේ නම්.

”මට මේ ලොකු පෙට්ටි ටික  ඕනේ. මම මේ සපත්තු තෝරන්නේ මගේ සංවිධානයේ වැඩ කරන අය වෙනුවෙන්”
”මේ පෙට්ටි වල තමයි ඒවා දාලා බ‍්‍රසීලයට යවන්න මම සිතාගෙන සිටින්නේ. මගේ අතින් තෝරපු සපත්තු තමයි ඔවුන්ට ලැබෙන්නේ” යයි කී සෙනා නැවත සිනාසුනේය.

තමන්ගේ කාර්ය පිළිබඳ තෘප්තිමත් වන මිනිසෙක් නගන මඳහස හුදු සිනාවක්ම පමණක් නොවේ. එය ලෝකයේ අනෙක් කොනේ සිටින අයෙක් තමන්ගේ අතින් තෝරා දුන් දෙයක් ලැබිලා සතුටු වනවා සිහිවී නැගුණු සිනාවකි.

සෙනා කවරආකාරයේ පුද්ගලයෙකුදැයි පෙන්වාදීමට මේ එක් සිදුවීමක් පමණි.
සෙනා තම මානව හිතවාදීභාවයෙන් ලෝකයක් පුදුමයට පත් කළේය. අනෙක් අතට තරග බිමේදී කෝපයෙන් දැවෙන, කුමන ආකාරයේ අභියෝගයක් වූවද භාරගන්නාවූත්, සැහැසිවූත්, ප‍්‍රචණ්ඩ වූත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටියේය.

ඔහුගේ ස්වභාවය කෙසේවූවත් සෙනා යනු දෙවියන් එවූ ධාවකයෙකු යැයි සියලූදෙනා හදුනාගෙන තිබිණ. ඔහුගේ හැකියාවන් තිබුණේ කිසිවෙකුටත් ඇල්ලීමට තියා ළගට පැමිණීමටවත් නොහැකි තැන්වලය.

තරග වැදීමේ පිපාසයෙන් පෙලූණද, සෑම තරගයකින්ම මුල් තැන ගැනීමේ අරමුණින් ප‍්‍රචණ්ඩකාරී වූවද, ඒ සියල්ලන්ගෙන්ම අප අමන්දානන්දයට පත් කළද අයර්ටන් සෙනා නාමය අද අප අතර රැදී තිබෙන්නේ ඒවා නිසාම නොවේ. කාලයේ අවසානය වන තුරුම ඔහුගේ නම අප අතර රැදී තිබෙනු ඇත්තේ ඔහුගේ සැබෑ මානව දයාවත්, වැටුණවුන් නැගිටුවීමට ඔහු ගත් උත්සාහයත්, සියල්ලටම ඉහළින් මරණින් පසු වුවත් ඔහුගේ නමින් කි‍්‍රයාවට නැංවෙන විවිධාකාරයේ සේවාවනුත් නිසාය.

”අයර්ටන් සෙනා යනු සැබැවින්ම වචනයෙන් මෙන්ම කි‍්‍රයාවෙන්ද දෙවියෙකු වන් මිනිසෙකි” යයි කිසිවකු- කිවහොත් තවත් අයකුට ඊට එරෙහි වීම අසීරු වනු ඇත.


ඒ. එෆ්. පී. ඇසුරිනි
සැකසුම : කෝවිද ගුණසේකර


අදහස් (4)

අයර්ටන් සෙනා පිළිබඳ නොමියෙන මතකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.