Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ටිම් පේන්ට අනපේක්‍ෂිත කැඳවීමක්

ටිම් පේන්ට අනපේක්‍ෂිත කැඳවීමක්

Nisanka Sandeepani - 2017 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන තරගාවලියේ කඩුල්ල පිටුපස කාර්යය බාරගැනීම සඳහා මහත් බලාපොරොත්තු තබාගෙන සිටි මැතිව් වේඞ් මෙන්ම පීටර් නෙවිල් දෙදෙනාගේම අපේක්‍ෂා සුන්කර දැමූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව ඒ සඳහා ටිම් පේන් කැඳවූහ. ටිම් පේන් අවසන් වරට ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට එක්වූයේ වසර හතකට පෙර, එනම් 2010 ඔක්තෝබර් මාසයේදීය. 

අළු බඳුන තරගාවලියේ පළමු තරග දෙක සඳහා කණ්ඩායම නම් කිරීමේදී තවත් අනපේක්‍ෂිත තීරණයක් ගත් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු නිලධාරීහු ආරම්භක පිතිකරු මැතිව් රැන්ෂෝද කණ්ඩායමෙන් ඉවත් කළහ. 

තවමත් 32 හැවිරිදි වියේ සිටින ටිම් පේන් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 4 ක් පමණි. වඩාත්ම කැපී පෙනෙන කාරණාව වන්නේ ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේදී ඔහුගේ ප්‍රාන්ත කණ්ඩායම වන තස්මේනියානු ප්‍රාන්ත පිල වෙනුවෙන් හෝ ටිම් පේන් කඩුලු රකින්නාගේ කාර්යය සඳහා තෝරා නොගැනීමයි. ඒ සඳහා තෝරානු ලැබ ඇති මැතිව් වේඞ් තස්මේනියානු පිල වෙනුවෙන් කඩුලු රැකීමේ යෙදෙයි. 

එසේ වුවත් එංගලන්ත පිලට එරෙහිව ඇඩිලේඞ්හි පැවැති පළමු පෙළ තරගයකදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම වෙනුවෙන් කඩුලු රැකීමේ යෙදුණු ටිම් පේන් අර්ධ ශතකයක්ද ලබාගැනීමට සමත් වූයේය. 

“ටිම් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙන් වශයෙන් හඳුනාගත්තේ වසර ගණනාවකට කලින්. ඇරත් එයා හොඳ කඩුලු රකින්නෙක් වශයෙන් නමක් දිනාගෙන තියෙනවා....ඒ විතරක් නෙමේ....ඔහු ඕස්ට්‍රේලියාව නියෝජනය කළ සෑම අවස්ථාවකදීම අප වෙනුවෙන් විශේෂ යමක් කරලා තියෙනවා” යයි තේරීම් කමිටු සාමාජික ටේ‍රවර් හෝන්ස් මහතා පැවසීය. 

ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති මැතිව් රැන්ෂෝ වෙනුවට අළු බඳුන තරගාවලියේද ඬේවිඞ් වෝනර්ගේ සහායක පිතිකරුවා වීම සඳහා තවමත් ටෙස්ට් වරම් ලබා නැති කැමරන් බැන්ක්‍රොෆ්ට් කැඳවා තිබේ. බටහිර ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කරන බැන්ක්‍රොෆ්ට් මෙවර ෂෙෆීල්ඞ් කුෂලාන තරගාවලියේදී විශාල වශයෙන් ලකුණු ලබාගත් ක්‍රීඩකයෙකි. මේ සතියේදීම දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 228 ක් ලබාගත් බැන්ක්‍රොෆ්ට්, මීට දෙවසරකට පෙරත් ඕස්ට්‍රේලියානු පිලට එක්ව සිටි නමුත් ආරක්‍ෂක හේතු මත 2015 ඕස්ටේ්‍රලියානු පිලේ බංග්ලාදේශ සංචාරය අවලංගු කෙරිණ. 

ඕස්ට්‍රේලියානු පිලේ අංක 6 ස්ථානය අත්පත් කරගෙන සිටි ග්ලෙන් මැක්ස්වෙල් වෙනුවට ෂෝන් මාෂ් නැවතත් කැඳවා තිබේ. 


ඕස්ට්‍රේලියානු සංචිතය 
ස්ටීවන් ස්මිත් (නායක), ඬේවිඞ් වෝනර්, කැමරන් බැන්ක්‍රොෆ්ට්, ජැක්සන් බර්ඞ්, පැට් කමින්ස්, පීටර් හැන්ස්කොම්බ්, ජොස් හේසල්වුඞ්, උස්මන් කවාජා, නේතන් ලයන්, ෂෝන් මාෂ්, ටිම් පේන් (කඩුලු රකින්නා), චැඞ් සේයර්ස් සහ මිචෙල් ස්ටාක්

 


අදහස් (0)

ටිම් පේන්ට අනපේක්‍ෂිත කැඳවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.