Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ගේබ්‍රියෙල් - කමින්ස් නවසීලන්තය අමාරුවේ දමති

ගේබ්‍රියෙල් - කමින්ස් නවසීලන්තය අමාරුවේ දමති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (9 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටියේය. පළමු දිනය සඳහා තරගය නතර කරන විට ටොම් බ්ලන්ඩෙල් ලකුණු 12 ක්ද, නීල් වැග්නර් ලකුණක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජීත් රාවල් හතරේ පහර 15 ක් සමගින් ලකුණු 84 ක් රැස්කළ අතර ෂැනන් ගේබ්‍රියෙල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩෝව්රිච් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ටොම් ලේතම් (22) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ ඩව්රිච්, ඉන් නොනැවතී නායක කේන් විලියම්සන් (43) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. සිය 26 වැනි ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 7 ක් පසුපසින් සිටියදී මිගෙල් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ෂේන් ඩව්රිච් අතට උඩ පන්දුවක් දෙමින් කේන් විලියම්සන් දැවී යෑමත් සමග දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටුණ අතර දැවී යන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.

විලියම්සන් දැවී යන විට නවසීලන්ත ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 154 ක් ලෙස සටහන් වූ අතර එතැන් පටන් ලකුණු 35 ක් තුළ තවත් කඩුලු 3 ක් බිඳවැටීම නිසා ලකුණු 189 කට කඩුලු 5 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ඉතා අසීරු තත්ත්වයකට පත් විය.

නවසීලන්ත කණ්ඩායම එම අසීරු තත්ත්වයෙන් මුදවාගත් මිචෙල් සෑන්ට්නර් (24) සහ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (58), ඉනිමේ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 63 කදී වාර්තා වූ ග්‍රෑන්ඞ්හෝම්ගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

කෙසේ වුවත් මුලු ලකුණු සංඛ්‍යාව 275 ක් වන විට ඔවුන් දෙදෙනාගේම කඩුලු බිඳ දමමින් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ෂැනෝන් ගේබ්‍රියෙල් සමත් වූයේ නැවත වරක් නවසීලන්ත කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දමමිනි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ෂැනොන් ගේබ්‍රියෙල් ලකුණු 79 කට නවසීලන්ත කණ්ඩායමේ තීර්ණාත්මක කඩුලු 3 ක් දවාගත් අතර නවසීලන්ත මුල් පෙළ සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මිගෙල් කමින්ස් ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය.


නවසීලන්තය පළමු ඉනිම - කඩුලු 7 කට 286
(ජීත රාවල් 84, ටොම් ලේතම් 22, කේන් විලියම්සන් 43, රොස් ටේලර් 16, මිචෙල් සෑන්ට්නර් 24, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 58, ෂැනෝන් ගේබ්‍රියෙල් 79/3, මිගෙල් කමින්ස් 37/2)

 

- 036


අදහස් (0)

ගේබ්‍රියෙල් - කමින්ස් නවසීලන්තය අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.