Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ප‍්‍රසන්න ජයවර්ධන නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීම නිසා ප‍්‍රසන්නගේ ස්ථානයට අශාන් පි‍්‍රයන්ජන් කැඳවා තිබේ. ඒ අනුව තරගාවලියට එක්වීම සඳහා ඔහු හෙට (30 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
පළමු පෙළ තරග වලදී ඉහළ දස්කම් දක්වා ඇති කී‍්‍රඩකයකු වන අශාන් පි‍්‍රයන්ජන් ඉකුත් වසර අගදී පාකිස්තානයට එරෙහිව එක්දින වරම් ලැබීය. එහිදී ඔහු ශ්‍රී ලංකා කී‍්‍රඩකයකු තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව (ලකුණු 74) රැස්කරමින් වාර්තාවක් පිහිටුවීමටද සමත්විය.
බංග්ලාදේශ සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන සිය පියාගේ අභාවය නිසා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණියේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.