Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සුපර් ලීග් තරගාවලිය ආයෙත් කල්යයි
සුපර් ලීග් තරගාවලිය

සුපර් ලීග් තරගාවලිය ආයෙත් කල්යයි

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ එළිමහන් පිටියේ අසතුටුදායක තත්ත්වය හේතුවෙන් අද (24) ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම නැවතත් කල්දමා තිබේ.

නිමාවට පත්වූ මහින්ද රාජපක්‍ෂ කුසලාන සිව් කොන් පාපන්දු තරගාවලියෙන් පසුව එම ක්‍රීඩාංගණයේ බොහෝ තැන් කඩතොලු වී මඩ ස්වභාවයක් ගෙන තිබේ. පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවෙන් තත්ත්වය තවත් නරක අතට හැරුණි.  එම තත්ත්වය තුළ ක්‍රීඩාංගණයේ තණ පිටිය පිළිසකර කිරීමෙන් පසුව දෙසැම්බර් මුල් සති අන්තයේ සිට ඉතිරි තරග පැවැත්වීමට දැන් සැළසුම්කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

තරගාවලිය සඳහා අලුතෙන් දින යොදාගන්නා රැස්වීමක් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ප්‍රධානීන් හා ක්‍රීඩා සමාජ නියෝජිතයන් අතර අද (24) පැවැත්වීමට නියමිතය.

සුපර් ලීග් තරගාවලියේ පැවැත්වීමට ඉතිරිව තිබෙන තරග ගණන 31 කි. තරග 14 ක් පමණක් මේ වන විට පවත්වා අවසන් කර තිබේ. පසුගිය අප්‍රේල් 19වැනිදා ආරම්භ කළ මෙම තරගාවලියේ අත්හිට වූ ඉතිරි තරග පසුගිය ජුනි 2 වැනිදා සිට නැවත පවත්වා ගෙන යාමට දැරූ උත්සාහයන් කොවිඩ් වසංගතය හා අයහපත් කාලගුණ තත්ත්වයන්ගේ බලපෑම් හේතුවෙන් කීප අවස්ථාවකදීම නැවත නැවතත් කල් දැමීමට සිදුවිය.

මෙම වසරේ නත්තල් උදාවට පෙර මෙම තරගාවලිය පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.  

දෙපිලේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරුවීමෙන් පසුව  අත්හිටවූ නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායම හා ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) සුපර් ලීග් පාපන්දු තරගය ද ඒ අනුව කල් දමා තිබේ.

මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය ඉරිදා (21) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදීය.

 


අදහස් (0)

සුපර් ලීග් තරගාවලිය ආයෙත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.