Last Update  :  2024-05-08 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සාෆ් පාපන්දු තරගාවලිය අතහැර දමයි

සාෆ් පාපන්දු තරගාවලිය අතහැර දමයි

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසරට කල් දමනු ලැබූ දකුණු ආසියානු (සාෆ්) පාපන්දු ශූරතාවලිය අත්හැර දැමීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙම දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය වසර 2020 සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශයේ ‘ධකා’ නුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබිණ. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑමෙන් තරගාවලිය මෙම වසරට (2021) කල් දමනු ලැබීය.

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවර හා තවත් පළාත් ගණනාවක කොවිඩ්-19 වයිරසය  පැතිර යමින් පවතින තත්ත්වයක් තුළ එය අත්හැර දැමීමට දකුණු ආසියානු පාපන්දු සමුළුව දැන් තීරණය කර ඇතැයි වාර්තාවේ.  ශ්‍රී ලංකාව හැරෙන්නට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින මෙම තරගාවලියට සහභාගි වන නිත්‍ය රටවල් හයයි.

ඇෆ්ගනිස්ථානය මෙම තරගාවලියට පසුව එක්වූ රට වුවත් ඔවුන් වසර 2015 තරගාවලියෙන් පසුව එයින් ඉවත් විය. ඔවුන් වසර 2013 දී ශූරතාව  දිනා ගැනීම හැරෙන්නට අවසන්  වරට සහභාගි වූ  2015 තරගාවලියේදි අනුශූරතාව ලැබීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ මෙම වසරට නියමිත දකුණු ආසියානු පාපන්දු තරගාවලියට විකල්පයක් ලෙස  මාලදිවයින හා බංග්ලාදේශයේ  සහභාගීත්වයෙන් තුන්කොන් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාව උනන්දුවී සිටින බවයි. ඔක්තේබර් 4 සිට 12 වැනිදා දක්වා වන කාල සීමාව තුළදී මෙම තුන් කොන් තරගාවලිය පවත්වා අවසන් කිරීමට මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු සොයා බලමින් සිටින බවත් ඔහු පැවසීය.

ඔහු අවධාරනය කර සිටියේ එය සාර්ථක  කර ගත හැකි වන්නේ ඉදිරියේදී  රටතුළ කොවිඩි වසන්ගත තත්ත්වයේ පාලනයත් සමග බවයි.

 2021 තරගාවලියේ තරග කාලසටහන එළිදැක්වීමට සූදානමින් සිටියදී දකුණු ආසියානු ශූරතාවලිය අත්හැර දැමීමට සිදුව තිබේ. එහි ජයග්‍රාහකයින්ට ඇමරිකානු ඩොලර් 50,000ක් ප්‍රදානය කෙරේ.
 
1993 දී ‘සාක් රන් කුසලාන’ නමින් ආරම්භ කළ දකුණු ආසියානු පාපන්දු ශූරතා  තරගාවලිය පසුව ‘සාෆ්’ කුසලාන ලෙස වෙනස් විය. 1995 දී මෙම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එය මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ ශ්‍රී ලංකා කණ්ඩායමක් කළ හොඳම දස්කමයි.

එහි අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජයට පත් කළේ අතිරේක විනාඩි 15දී ශ්‍රී ලංකාව ලබාගත් ගෝලයෙනි. එහෙත් අවසන් වරට බංග්ලාදේශයේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම පරාජයට පත්විය.


අදහස් (0)

සාෆ් පාපන්දු තරගාවලිය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.