Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සත්කාරක කටාරය තරගාවලියෙන් ඉවතට
කටාර් - 2022

සත්කාරක කටාරය තරගාවලියෙන් ඉවතට

editorial - 2022 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඒ.එෆ්.පී. ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

මහත් බලාපොරොත්තු රඳවා ගනිමින් 2022 ලෝක කුසලාන තරගාවලියේ සංවිධානයට පිවිසි නමුත් පළමු වටයේ තරග දෙකකින් පසුව කටාර් රාජ්‍යය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට වීසිවී ගියේය. සෙනගාලය හමුවේ ගෝල 3-1 කින් පරාජය වූ කටාර් රාජ්‍යය මෙවර ලෝක කුසලාන තරගාවලියේන් ඉවතට වීසි වූ පළමු කණ්ඩායම බවට පත්විය.

ආසියානු පාපන්දු ශූරයන් වන කටාරය මෙම තරගාවලිය සම්බන්ධයෙන් මහත් බලාපොරොත්තු තබා තිබිණ. එහෙත් 2010 වසරේදී, දකුණු අප්‍රිකාව මූලික වටයෙන් ඉවත් වීමට පසුව, මූලික වටයේ තරග නිමාවටත් කලින් තරගාවලියෙන් ඉවතට විසිවූ සත්කාරකයන් බවට කටාරය පත්වී තිබේ.

අප්‍රිකානු පාපන්දු ශූරයන් වන සෙනගාලය වෙනුවෙන් ගෝල ලබාගත් බවුලායේ ඩියා, ෆමාරා ඩයිඩියෝ සහ චීකා ඩීන් එක්ව කටාරයේ බලාපොරොත්තු සුන් කර දැමූහ. කටාරය වෙනුවෙන් මේ දක්වා එකම ලෝක කුසලාන ගෝලය ලබාගෙන ඇත්තේ මොහොමඩ් මන්ටාරි විසිනි.

පාපන්ද ලෝක කුසලාන තරගවලියක, සත්කාරක රටක් තරඟ දෙකකින් පසුව පිටතට ගිය පළමු අවස්ථාව මෙයයි.

තරගයේ අඩහෝරාවක් ඉක්ම යාමටත් පොරතුව දෙපිලේම ක්‍රීඩකයෝ දෙදෙනෙක් කහ කාඩ්පතින් අවවාද ලැබූහ. එහෙත් 41 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් බවුලායේ ඩියා තරගයේ පළමු අර්ධයේදීම ගෝල 1-0 ක් ලෙසින්, සෙනගාලය ඉදිරියෙන් තැබීය.

දෙවැනි අර්ධයේ තරගය ආරම්භ වී විනාඩි 3 ක් ගතවෙද්දී, ෆමාරා ඩයිඩියෝ ලබාගත් ගෝලය හේතුවෙන් සෙනගාලය 2-0 ක් ලෙසින් ඉදිරියට ගියේය. එතැන් සිට දෙපිලේම ක්‍රීඩකයන් කිහිප දෙනකුම ඉවත් කර ආදේශක ක්‍රීඩකයන් පිටියට ගෙන්වා ගත් නමුත් තවත් අඩ හෝරාවක් පමණ යන තුරුත් ගෝල වාර්තා නොවිණ.

78 වැනි විනාඩියේදී කටාරය වෙනුවෙන් ගෝලයක් ලබාගත් මොහොමඩ් මන්ටාරි කටාර් පාපන්දු ලෝලීන්ට යම් බලාපොරොත්තුවක් ගෙන ආ නමුත් එයින් විනාඩි 6 කට පසුව ගෝලයක් ලබාගත් සෙනගාලයේ චීකා ඩීන් තරගයේ ජයග්‍රහණය ස්ථිර කරගනිමින් කටාරයේ සියලු බලාපොරොත්තු සුන්කර දැමීය.

තරගය අතිරේක විනාඩියක් දක්වා දිග්ගැසුන නමුත් සම්පූර්ණ කාලය අවසානයේ සෙනගාලය ගෝල 3-1 ක් ලෙසින් ජය ගත්තේය.

 

නොවැම්බර් 26 වැනිදා වන විට ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

සත්කාරක කටාරය තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.