Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
භූතානය ගෝල 5-2 කට පරාජය කරමින් අටවැනි දකණු ආසියානු (සාක්) පාපන්දු තරගාවලියේ එකම ජයග‍්‍රහණය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අද (6 වැනිදා) සමත් විය. එම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 8 කින් 7 වැනි ස්ථානය ලබාගත්තේය.
තරගයේ පළමු භාගය අවසානයේ දී ශ්‍රී ලංකාව ගෝල 3-1 ක් පරිදි ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මොහොමඞ් නවුෆර් මොහොමඞ් ඉසදීන් තරගයේ 19, 26, 50 සහ අවසන් විනාඩිවලදී ගෝල ලබාගත්තේය.
නේපාලයේ කත්මණ්ඩු නගරයේ දී පැවැත්වෙන අටවැනි සාක් පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නේපාලය හා ඇෆ්ගනිස්ථානය අතර අනිද්දා (8) පැවැත්වේ. දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව හා මාලදිවයින අතර සඳුදා (9) පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන බදාදා (11 වැනිදා) පස්වරු 6.30 ටය.
කත්මණ්ඩුහි ”දශරත්” කී‍්‍රඩාංගණයේ දී අවසන් පූර්ව හා අවසන් මහ තරග පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල මාලදිවයින් කණ්ඩායම හමුවේ ගෝල 10-0 ක අන්ත පරාජයක් ලැබීම නිසා තරගාවලිය ආරම්භයේදීම ශී‍්‍ර ලංකා පිල පසුබෑමට ලක්විය. ඇෆ්ගනිස්ථානය හමුවේ ගෝල 3-1 කින් ලද දෙවැනි තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ අපේක්ෂා අත්හැර දැමීමට සිදුවිය.
ශ්‍රී ලංකාව අද ලබාගත් ජයග‍්‍රහණය මෙවර තරගාවලියේ ඔවුන් ලද එකම ජයග‍්‍රහණය ද වන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.