Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්
කටාර් - 2022

රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

editorial - 2022 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාර්තා පොතට එක්වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දඬුවම් පහරෙන් ගෝලය වාර්තා කළ අයුරු...

කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය ආරම්භක තරගය ඝානාවට එරෙහිව ගෝල 3-2ක තියුණු ජයකින් නිමාවට පත් කිරීමට පෘතුගාලය අද (25) සමත්විය. එහෙත් එය ප්‍රබල පෘතුගාලය සායම බේරාගත් තරගයක් ලෙස හැඳින්විය හැක්කේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටයට නිර්දේශ වූ පහළම කණ්ඩායම වන ඝානාව ඉතා විශිෂ්ට ලෙස පෘතුගාලයට මුහුණදීම තුළිනි.

මෙම තරගයේ විශේෂ සිදුවීම වූයේ පෘතුගාල කණ්ඩායමේ නායක දඬුවම් පහරක් මගින් 65 වැනි විනාඩියේදී ලබාගත් ගෝලය වාර්තා පොතට එක්වීමයි.

ඒ 37 හැවිරිදි මෙම ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලි පහකදී ගෝල වාර්තා කිරීමට සමත්වීමයි. එවැනි දස්කමක් කළ ලොව පළමුවැනි පාපන්දු ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ එහිදී පත්විය. එය රොනාල්ඩෝ අන්තර් ජාතික පාපන්දු තරගයකදී රැස් කළ 118 වැනි ගෝලයයි.

ඝානාව මෙවර ලෝක කුසලාන තරගාවලියට නිර්දේශ වූයේ ශ්‍රේණිගත 61 වැනි ස්ථානයේ පසුවෙද්දීය. පෘතුගාලය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දැනට අටවැනි ස්ථානයේ පසුවේ.

කණ්ඩායම් දෙකේ ගෝල පහම වාර්තා වූයේ තරගයේ දෙවැනි භාගයේදී වීම කැපී පෙනේ. මේ අතර අද පැවැති තරග අතර ඉහළම අවධානය දිනාගත් ඉරානය හා වේල්සය අතර තරගයෙන් ඉරානය අනපේක්ෂිත ගෝල 2-0ක ජයක් වාර්තා කළේය.

මෙම ගෝල දෙකම තරගයේ නියමිත විනාඩි කාලය අවසන්වීමෙන් පසුව ප්‍රදානය කළ අතිරේක කාලයේදී වාර්තා කිරීම එහිදී කැපී පෙණුනුම සිදුවීමයි. ඒ අතරට තවත් කැපී පෙනුණු සිදුවීමක් වූයේ වේල්සයේ නිත්‍ය දැල් රකින්නා වන වේනි හෙන්නේන්සි 86 වෙනි විනාඩියේදී විනිසුරු වෙතින් රතු කාඩ්පත ලබා පිටියෙන් පිටමං කිරීමයි. මෙය වේල්සයට දැඩි අවාසියක් ගෙන දෙන සිදුවීමක් වන්නේ ලබන බදාදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහුට තහනම් වීමයි.

බ්‍රසීලය ‘ජී’ කාණ්ඩයේ තරග වදිමින් අද සිය පළමු තරගයෙන් සර්බියාව ගෝල 2-0කින් පරාජය කළේය. බ්‍රසීලය මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන කණ්ඩායමයි.


හෙට (26) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)
එංගලන්තය-ඇමරිකාව අතර (බී කාණ්ඩය) - මධ්‍යම රාත්‍රී 12.30ට
ටියුනීසියාව-ඕස්ට්‍රේලියාව අතර (‘ඩී’ කාණ්ඩය) – පස්වරු 3.30ට
පෝලන්තය-සෞදි අරාබියාව අතර (‘සී’ කාණ්ඩය) – පස්වරු 6.30ට
ප්‍රංශය-ඩෙන්මාර්කය අතර (‘ඩී’ කාණ්ඩය) – රාත්‍රී 9.30ට



අදහස් (0)

රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.