Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යුරෝ කුසලානයේ මුදල් සෞඛ්‍ය සේවාවට

යුරෝ කුසලානයේ මුදල් සෞඛ්‍ය සේවාවට

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඉතාලිය අතර ලබන ඉරිදා (11 වැනිදා) පැවැත්වෙන යුරෝ කුසලාන පාපන්දු අවසන් මහ තරගයේදී එංගලන්ත කණ්ඩායම ජයගතහොත් තමන්ට හිමිවන ත්‍යාග මුදල එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවට පිරිනැමීමට බව එංගලන්ත ක්‍රීඩකයෝ සූදානමින් සිටිති. එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයෙන් ජයගතහොත් ස්ටර්ලිං පවුම් මිලියන 24 ක මුදලක් එංගලන්ත පාපන්දු සංගමයට හිමිවෙයි.

එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 660 ක් ඉක්මවන්නකි.

මෙම සම්පූර්ණ ත්‍යාග මුදලින් පවුම් මිලියන 9.6 ක් එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර බෙදී යයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 260 ක් පමණ වෙයි. එහෙත් ක්‍රීඩකයන්ගේ අරමුණ වන්නේ එම මුදල් එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවට පිරිනැමීමයි.

යුරෝ කුසලාන අවසන් මහ තරගය ග්‍රිනිජ් වේලාවෙන් ඉරිදා රාත්‍රී 7.00 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සඳුදා අලුයම 12.30 ට ආරම්භ වේ.

අවසන් මහ තරගයේදී එංගලන්ත පිල පරාජය වුවද ඔවුන්ට හිමිවන ත්‍යාග මුදල පවුම් මිලියන 8.5 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 235 ඉක්මවන්නකි. එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෝ, යුරෝ කුසලාන තරගාවලියේ මූලික වටයේදී හිමිවන තරග මුදල් පවා මේ වන විටත් විවිධාකාර සමාජ සත්කාර කටයුතු සඳහා ප්‍රදානය කරමින් සිටිති.

කොරෝනා වයිරසයට එරෙහි සටනේදී එංගලන්ත මැද පෙළ ක්‍රීඩක ජෝර්ඩ්න් හෙන්ඩර්සන්ගේ සමාජ ෂත්කාර කටයුතු හේතුවෙන් ඔහුට දැනටමත් එම්.බී.ඊ (බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජික) ගෞරව නාමය පිරිනමා තිබේ.


- 213

 


අදහස් (0)

යුරෝ කුසලානයේ මුදල් සෞඛ්‍ය සේවාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.