Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මෙසීගේ දස්කම් ආර්ජන්ටිනාවට ජය ගෙනෙයි

මෙසීගේ දස්කම් ආර්ජන්ටිනාවට ජය ගෙනෙයි

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අර්ධ අවසන් පූර්ව වටයේදී ‍ගෝල 3-0 ක් ලෙස ඉක්වදෝරය පරාජය කළ ආර්ජන්ටිනාව, තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අද (4 වැනිදා) සමත් විය. ඒ අනුව මේ මස 7 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී කොලොම්බියාවට එරෙහිව ආර්ජන්ටිනාව තරග බිමට පිවිසීමට නියමිතය.

තරගයේ 40 වැනි විනාඩියේදී රොඩ්රිගෝ ඩි' පෝල්ට ගෝලයක් ලබාගැනීම සඳහා දක්ෂ පන්දු යොමු කිරීමක නිරත වූ ලයනල් මෙසී, පළමු අර්ධය අවසන් වන විට ගෝල 1-0 ක් ලෙස ආර්ජන්ටිනාවට පෙරමුණ අත්කර දුන්නේය. ඉන් අනතුරුව තරගයේ 84 වැනි විනාඩියේදී ලෝටාරෝ මාටිනස්ට ගෝලයක් ලබාගැනීම සඳහාද පන්දුව පිරිනැමූ මෙසී, ගෝල 2-0 ක් ලෙස ආර්ජන්ටිනාව තවත් ඉදිරියට ගෙන ආවේය.

ඉන් නොනැවතුණ මෙසී තරගයේ අතිරේක කාලයේදී එනම් 93 වැනි විනාඩියේදී ආර්ජන්ටිනාවට හිමි වූ නිදහස් පහරක් ගෝලයක් බවට පත්කර ගැනී‍මටද සමත් වූයේ සිය කණ්ඩායමට ගෝල 3-0 ක ජයක් අත්කර දෙමිනි. නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඉක්වදෝරයේ පියරෝ හින්කාපි‍ 92 වැනි විනාඩියේදී රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා පියවර ගැනීමත් සමග ආර්ජන්ටිනාවට එම නිදහස් පහර හිමිවිය.

මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. ඉක්වදෝරය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී තරග තුනක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින්, සෙසු තරගය පරාජය වී ‘බී’ කාණ්ඩයේ සිවුවැනියා ලෙසිනි.

-036


අදහස් (0)

මෙසීගේ දස්කම් ආර්ජන්ටිනාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.