Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බ්‍රසීලය අවසන් මහ තරගයට එයි

බ්‍රසීලය අවසන් මහ තරගයට එයි

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අවසන් පූර්ව තරගයේදී ‍ගෝල 1-0 ක් ලෙස පේරු රාජ්‍යය පරාජය කළ ‍බ්‍රසීලය, සිය අපරාජිත බව රැකගනිමින් දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. මෙම තරගය ඊයේ (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද) පැවැත්විණ.

මෙම ජයත් සමගින් මේ මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ආර්ජන්ටිනාව‍ට හෝ‍ කොලොම්බියාවට එරෙහිව බ්‍රසීලය තරග බිමට පිවිසීමට නියමිතය. ආර්ජන්ටිනාව සහ කොළොම්බියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 6.30ට පැවැත්වේ.

නේමාර් ද සිල්වාගේ දක්ෂ පන්දු යොමුකිරීමක් හමුවේ තරගයේ 35 වැනි විනාඩියේදී ලූකස් පාකුවේටා බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රාහී ‍ගෝලය වාර්තා කළ අතර එම ගෝලයත් සමග පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙස නිමාවට පත්විය. දෙවැනි අර්ධයේදී ගෝල ලබා ගැනීමට දෙපිලේම ක්‍රීඩකයන් අසමත් වීම හේතුවෙන් ගෝල 1-0 ක් ලෙස තරගයේ ජය බ්‍රසීලයට හිමිවිය.

මේ දක්වා පැවැති දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලි 47 න් 9 ක් ජයගැනීමට බ්‍රසීලය සමත්ව සිටින අතර ඊට අවසන් වරට පැවති තරගාවලියේ (2019) ශූරතාවද ඇතුළත් වේ. ඊට අමතරව තරගාවලි 11 ක අනු ශූරතාව හිමිකර ගැනීමට මෙන්ම තරගාවලි 7 ක තෙවැනි ස්ථාන හිමිකර ගැනීමටද බ්‍රසීලයට හැකි වී තිබේ.

අවසන් වරට පැවැති දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලි ශූරතාව දිනාගැනීමට බ්‍රසීලය සමත් වූයේ මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේදී සිය ප්‍රතිවාදියා වූ පේරු රාජ්‍යයට එරෙහිව ගෝල 3-1 ක ජයක් වාර්තා කරමිනි. ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරගය, 2019 තරගාවලියේ අවසන් මහ තරගයේ  නැවත විකාශයක් බඳු වූ අතර එහිදී වෙනස් වූයේ කණ්ඩායම් දෙක ලබාගත් ගෝල සංඛ්‍යාව පමණි.  

මෙම තරගයේදී බ්‍රසීල ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 12 ක්ද, පේරු ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 16 ක්ද සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීල ක්‍රීඩකයන්  වරක්ද පේරු ක්‍රීඩකයන් දෙවරක්ද
කහ පැහැති කාඩ්පතින් අවවාද ලැබූහ. තරගය පුරා බ්‍රසීල ක්‍රීඩකයෝ දැල ඉලක්ක කරගනිමින් පහර 8 ක් එල්ල කළ අතර පේරු ක්‍රීඩකයන්ට ක්‍රීඩකයෝ දැල ඉලක්ක කරගනිමින් එල්ල කළේ පහර 2 ක් පමණි.

අර්ධ අවසන් පූර්ව වටයේදී චිලී රාජ්‍යයට එරෙහිව ‍ගෝල 1-0 ක ජයක් වාර්තා කරමින් බ්‍රසීලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. පේරු රාජ්‍යය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගෝල 3-3 ක් ලෙස සම වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-3 ක් ලෙස පැරගුවේ පිල පරාජයට කරමිනි.

මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘බී’ කාණ්ඩයේ ශූරයන් ලෙස බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. පේරු රාජ්‍යය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ මූලික වටයේදී තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී, සෙසු තරග දෙක ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනියා ලෙසිනි.

-036
 


අදහස් (0)

බ්‍රසීලය අවසන් මහ තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.