Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බ්‍රසීලය - ආර්ජන්ටිනාව ලකුණු සට‍හනේ පෙරමුණට

බ්‍රසීලය - ආර්ජන්ටිනාව ලකුණු සට‍හනේ පෙරමුණට

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ පළමු සතිය අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ආර්ජන්ටිනාවත්, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සත්කාරක බ්‍රසීලයත් සමත්ව සිටියි. මේ වන විට තරගාවලියේ මූලික වටයේ තරග 8 ක් අවසන් වී ඇති අතර තවත් තරග 12 ක් ඉදිරි දින 9 තුළ පැවැත්වීමට නියමිතය.

මේ දක්වා තරග 2 කට සහභාගි වූ බ්‍රසීලය එහිදී වෙනිසියුලාවට එරෙහිව ගෝල 3-0 ක ජයක්ද, පේරු රාජ්‍යයට එරෙහිව ගෝල 4-0 ක ජයක්ද වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ලකුණු 6 ක් ලබා සිටින ඔවුන් මේ මස 24 වැනිදා ‍කොලොම්බියාවට එරෙහිවද, 28 වැනිදා ඉක්වදෝරයට එරෙහිවද තරග වැදීමට සූදානමින් සිටියි.

මෙතෙක් සහභාගි වූ තරග‍දෙකේදී උරුගුවේට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කරමින් චිලී රාජ්‍යය සමග ගෝල 1-1 ක් ලෙස සම වූ අර්ජන්ටිනාව, මේ වන විට ‍ලකුණු 4 ක් ලබා සිටියි. මූලික වටයේ සෙසු තරගවලදී ඔවුන් පැරගුවේට එරෙහිව මේ මස 22 වැනිදාද, බොලීවියාවට එරෙහිව 29 වැනිදාද තරග බිමට පිවිසීමට නියමිතය.

මේ වන විට තරගයක් ජය ගෙන, තරගයක් ජය පැරදුමෙන් අවසන් කරගෙන සිටි චිලී රාජ්‍යය සහ කොලොම්බියාව පිළි‍වෙලින් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල දෙවැනි ස්ථානයන්හි පසුවෙති. ඉක්වදෝරයට‍එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කළ කොලොම්බියාව, වෙනිසියුලාව සමග ගෝල 0-0 ක් ලෙස සම වූ අතර බොලීවියාවට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කළ චිලී රාජ්‍යය, ආර්ජන්ටිනාව සමග ගෝල 1-1 ක් ලෙස සමවිය.

තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ හෙට (21 වැනිදා) පැවැත්වෙන තරගවලදී වෙනිසියුලාවට එරෙහිව ඉක්වදෝරයත්, කොලොම්බියාවට එරෙහිව පේරු රාජ්‍යයත් තරග බිමට පිවිසෙන අතර ‘ඒ’ කාණ්ඩය යටතේ අනිද්දා (22 වැනිදා) පැවැත්වෙන තරගවලදී උරුගුවේට එරෙහිව චිලී රාජ්‍යයත්, පැරුගුවේට එරෙහිව ආර්ජන්ටිනාවත් තරග වැදීමට නියමිතය.

-036


අදහස් (0)

බ්‍රසීලය - ආර්ජන්ටිනාව ලකුණු සට‍හනේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.