Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පේරු ක්‍රීඩකයෝ පැරගුවේ පිල ගෙදර යවති

පේරු ක්‍රීඩකයෝ පැරගුවේ පිල ගෙදර යවති

editorial - 2021 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිශය තියුණු තරගයකින් ‍අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේදී ‍දඬුවම් පහර 4-3 ක් ලෙස පැරගුවේ පරාජය කළ ‍පේරු රාජ්‍යය, දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අද (3 වැනිදා) සමත් විය. ඒ අනුව මේ මස 6 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල බ්‍රසීලයට එරෙහිව පේරු රාජ්‍යය තරග බිමට පිවිසීමට නියමිතය.

තරගයේ නියමිත කාලය සහ අතිරේක කාලය නිමාවන විට ගෝල 3-3 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවීම නිසා ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර කරා යෑමට විනිසුරුවරයාට සිදුවිය. එහිදී දඬුවම් පහර 4 ක් සාර්ථක කරගැනීමට පේරු ක්‍රීඩකයෝ සමත් වෙද්දී, පැරගුවේ ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර 3 ක් පමණි.

තරගයේ 11 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් ගුස්ටාවෝ ගෝමස් පැරගුවේට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. කෙසේ වුවත් ඉන් වැඩි වාසි අත්කර ගැනීමට පැරගුවේට නෙහැකි වූයේ 21 වැනි විනාඩියේදී අත්වැරදීමකින් ඔහු තම දැල තුළටම පන්දුව යොමුකරමින් පේරු රාජ්‍යයටද ගෝලයක් ලබාදීම හේතුවෙනි.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ජියෑන්ලූකා ලාපඩුලා 40 වැනි විනාඩියේදී පේරු රාජ්‍යය වෙනුවෙන් තවත් ගෝලයක් ලබාගනිමින් පළමු අර්ධය නිමාවන විට ගෝල 2-1 ක් ලෙස සිය කණ්ඩායමට ‍තරගයේ පෙරමුණ අත්කර දුන්නේය. එහෙත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 9 ක් ගතවන විට (54 වැනි විනාඩියේදී) පැරගුවේ වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත් ජූනියර් ඇ‍ලොන්සෝ ගෝල 2-2 ක් ලෙස තරගය සම තතත්වයට පත් කළේය. ‍

තරග නිමාවීමට විනාඩි 10 ක් ඉතිරිව තිබියදී (80 වැනි විනාඩියේදී) ගෝලයක් ලබාගනිමින් ගෝල 3-2 ක් ලෙස පේරු රාජ්‍යය පෙරමුණට ගෙන ඒමට යොෂිමාර් යෝටන් සමත් වුවද, තරගයේ අවසන් විනාඩියේදී (90 වැනි විනාඩියේදී) පැරගුවේ වෙනුවෙන් තෙවැනි ගෝලය ලබාගත් ගේබ්‍රියෙල් ඇවලෝස් ගෝල 3-3 ක්‍ලෙස යළිත් වරක් තරගය සම තත්ත්වයට ඇද දැමුවේය.

මෙම තරගයේදී දෙපිලම කහ පැහැති කාඩ්පත් 2 බැගින් සහ එක් රතු පැහැති කාඩ්පත බැගින් ලැබූහ. පළමු අර්ධයේ අතිරේක කාලයේදී ගුස්ටාවෝ ගෝමස් රතු කාඩ්පතක් ලැබීම නිසා පැරගුවේට දෙවැනි අර්ධය පුරාද, 85 වැනි විනාඩියේදී ඇන්ඩ්‍රේ කැරිලෝ රතු කාඩ්පතක් ලැබීම නිසා පේරු රාජ්‍යයට අවසන් විනාඩි කිහිපයේදීද ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවූහ.

මූලික වටයේදී තරග දෙකක් ජයගෙන, එක් තරගයක් පරාජය වී සෙසු තරගය ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙස පේරු රාජ්‍යය අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. පැරගුවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී තරග දෙකක් ජයගෙන, තරග දෙකක් පරාජය වෙමින් ‘ඒ’ කාණ්ඩයේ තෙවැනියා ලෙසිනි.

-036


අදහස් (0)

පේරු ක්‍රීඩකයෝ පැරගුවේ පිල ගෙදර යවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.