Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හෙට පැවැත්වෙන ‘සාෆ්’ පාපන්දු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුගමනය කරන ක‍්‍රීඩා විලාසය නරඹන්නන්ගේ සතුටට හේතු විය නොහැකි වූවත් එම තරගයේ ජයග‍්‍රහනයට අපේක්‍ෂා කරන ඔවුන්ට වෙනත් විකල්පයක් නැතැයි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සම්පත් පෙරේරා මහතා ‘ත‍්‍රිවෙන්ද්‍රම්’ නුවර දී ලංකාදීපයට පැවසීය.
‘ත‍්‍රිවෙන්ද්‍රම්’ නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම් මෙහෙය වන අතර ‘ලංකාදීප’යට වැඩි දුරටත් අදහස් දැක් වූ සම්පත් පෙරේරා මහතා අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට මුණගැසෙන්නේ තරගාවලියේ එතෙක් ප‍්‍රබලතම කණ්ඩායම වූවත් ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු පසුගාමීත්වයක් ඇති කර ගෙන නැති බව පැවසීය.
අපේ ක‍්‍රීඩකයන් අද පිටියට පිවිසෙන්නේ දිනනවාමයි කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුවමයි. අවසන් මහ තරගය කෙරෙහි අපේ බලාපොරොත්තු බින්දුවකින්වත් අඩුවෙලා නෑ. එහිදී අපි අනුගමනය කරන්නේ පළමුව ආරක්‍ෂා වී දෙවනුව ප‍්‍රතිවාදින්ට ප‍්‍රහාර එල්ල කරන්නයි. නමුත් ‘කවුන්ටර් ඇටෑක්’ කියන මෙම ක‍්‍රමයට පාපන්දු තරගයක් බලලා සතුටු වෙන්න පිටියට එන අය එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. නමුත් ප‍්‍රබල ප‍්‍රතිවාදියෙක් ඉදිරියේදී අපට වඩාත් සාර්ථක වෙන්න පුළුවන් ක‍්‍රමය එයයි. කුමන ක‍්‍රමයකින් හෝ අපට ලැබුණු මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුයි යයි ද පෙරේරා මහතා එහිදී පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ඩබ්ලි. ස්ටෙන්බෝල් මහතා ඇතුළු එහි සෙසු පුහුණුකරුවන් ද පසුගිය දිනවල දී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පුහුණුවීම් සම්බන්ධයෙන් වඩාත් දැඩි ස්වරූපයකින් කටයුතු කරනු ‘ත‍්‍රිවෙන්ද්‍රම්’ නුවරදී දක්නට ලැබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.