බංග්ලාදේශ තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
කටාර් රාජ්‍යයේ අනුග‍්‍රහයෙන් තායිලන්තයේ ”ග‍්‍රෑන්ඞ් ස්පෝට්ස්” සමාගම විසින් නිර්මාණය කරන ලද නව නිල ඇඳුම රතු මිශ‍්‍ර දුඹුරු හා කහ පැහැයෙන් යුක්තය.
මෙතැන් සිට ශ්‍රී ලංකාව සහභාගි වන සියලූද කාන්තා හා පිරිමි ජාත්‍යන්තර තරග සඳහාත් යොවුන් ජාත්‍යන්තර පාපන්දු තරගමාලා සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා නව නිල ඇඳුම භාවිතා කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.