Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පරාජයෙන් පසුව බෙල්ජියම පුරා කෝලාහල
කටාර් - 2022

පරාජයෙන් පසුව බෙල්ජියම පුරා කෝලාහල

editorial - 2022 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


කැරැලි කෝලාහලවලින් පසුව බ්‍රසල්ස් නුවර වීදියක් දිස්වූ ආකාරය...

කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මොරොක්කෝව පරාජයවීමෙන් පසුව බෙල්ජි‍යමේ ප්‍රධාන නගර කීපයකම කැරැලි කෝලාහල තත්ත්වයක් උද්ගතවූ බව වාර්තා වේ.

ජාත්‍යන්තර් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඉරිදා (27) ඩෝහා නුවර අල් තුමාමා ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකයන් 43738 කගේ සහභාගීත්වයෙන් පැවැති ‘‘එෆ්’’ කාණ්ඩයේ තරගයකදී බෙල්ජියම ගෝල 2-0 කට මොරොක්කෝව පරාජය වීමත්  සමග එහි ‘‘බ්‍රසල්ස්, ඇන්ට්වපර්, ලීජ්’’ ඇතුළු නගර කීපයකත් අසල්වැසි නෙලදර්ලන්තයේ රොටර්ඩෑම් නුවරත් කැරැලි කෝලාහල උද්ගතව තිබේ.

එහිදී වීථිවලට රැස්වූ පිරිස් වාහන ගිනි තබමින් කඩසාප්පුවලට පහර දෙමින් හැසිරීමෙන් මෙම කලබලකාරී තත්ත්වය උද්ගතව තිබේ. ඔවුන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග කැරළිකරුවන් පොලිසිය සමග ගැටීමෙන් තත්ත්වය තවත් නරක අතට හැරී තිබේ.

කලහකාරීන් රැසක් එහිදී බ්‍රසල්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර වීදුරු හා ගිනිකෙළිවලින් පහරදීමෙන් පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලබා තිබේ.

බ්‍රසල්ස් පුරපති පිලිප් ක්ලෝස් එහිදී ප්‍රකාශ කර ඇත්තේ කලබල කළ අය පාපන්දු ලෝලීන් නොව කැරළිකරුවෝ බවයි.

ඉරිදා තරගය පරාජය වන විට බෙල්ජියම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි තැනේ පසුවිය. එහෙත් ඔවුන් පරාජය කළ මොරොක්කෝව එම ශ්‍රේණිගත කිරීම් අනුව 24 වැනි ස්ථානය තරම් වඩාත් පහළ තැනක පසුවිය.

මෙම පරාජයත් සමග බෙල්ජියම් ලෝක කුසලාන ඉදිරි ගමන වඩාත් අවිනිශ්චිත වී තිබේ. කැනඩාව සමග පැවති තරගය පමණක් මේ වනවිට ඔවුන් ජයගෙන (1-0) තිබේ. ‘‘එෆ්’’ කාණ්ඩයේ මේ වනවිට ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින ක්‍රොඒෂියාව සමග බ්‍රහස්පතින්දා (1) පැවැත්වෙන තරගය ජයගැනීම හැරෙන්නට බෙල්ජියමට දෙවැනි වටය ගැන සිතීමට වෙනත් කිසිදු අවස්ථාවක් ඉතිරි වී නොමැත.


අද පැවැති තරග ප්‍රතිඵල
ඝානාව විසින් දකුණු කොරියාව (එච් කාණ්ඩය) පරාජය කරන ලදී. (3-2)
කැමරුන් සහ සර්බියාව අතර තරගය (ජී කාණ්ඩය) සමයි. (3-3)
ස්පාඤ්ඤය සහ ජර්මනිය අතර තරගය (ඊ කාණ්ඩය) සමයි. (1-1)
ක්‍රොඒෂියාව විසින් කැනඩාව (එෆ් කාණ්ඩය) පරාජය කරන ලදී. (4-1)

 

හෙට (29) පැවැත්වීමට නියමිත තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)
පෘතුගාලය- උරුගුවේ අතර (‘‘එච්’’ කාණ්ඩය) මධ්‍යම රාත්‍රී 12.30ට
ඉක්වදෝරය- සෙනගාලය අතර (‘‘ඒ’’ කාණ්ඩය) රාත්‍රී 8.30ට
නෙදර්ලන්තය- කටාරය අතර (‘‘ඒ’’ කාණ්ඩය) රාත්‍රී 8.30ට

-223


අදහස් (1)

පරාජයෙන් පසුව බෙල්ජියම පුරා කෝලාහල
  • ගාමිණී හේවා Saturday, 03 December 2022 02:55 PM

    වෙන රටවල මානව හිමිකම් ගැන හොයනවා. නමුත් තමන්ගේ ම රටේ ජනතාව ගැන මානව දයාව නෑ. සුද්දන්ගේ ඇත්ත තත්ත්වය දැන්වත් හැමෝම තේරුම් ගන්න...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.