Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඇෆ්ගනිස්ථානයට

දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඇෆ්ගනිස්ථානයට

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් ‘සාෆ්’ පාපන්දු කුසලානය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවති අටවැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී අවසන් මහා තරගය අද (11 වැනිදා) පැවැත්විණ.

මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානු පාපන්දු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල් ත්‍යාගයක්ද ප‍්‍රදානය කෙරුණි.

තරගයේ පළමු භාගය අවසානයේදී ඇෆ්ගනිස්ථානු ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
දකුණු ආසියානු කලාපයේ පාපන්දු කිරුළේ අඛණ්ඩ හිමිකරුවා බවට පත් වූ ඇෆ්ගනිස්ථාය වසර 2003 දී දකුණු ආසියානු පාපන්දු තරගාවලියට එක් වීමෙන් පසු එය ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

අවසන් වරට පැවැති 2011 තරගාවලියේදීත් ඉන්දියාව සමග අවසන් මහ තරගයට සහභාගි වූ ඇෆ්ගනිස්ථානය එවර පරාජය ට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය.

ඇෆ්ගනිස්ථානයට ඊයේ පරාජය වූ ඉන්දියාව හය වතාවක් සාෆ් කුසලානය හිමි කර ගෙන තිබෙන අතර වසර 2009 තරගාවලියේ සිටි ඔවුන් අඛණ්ඩව කුසලාන සතු කරගෙන සිටී.

 


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඇෆ්ගනිස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.