Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩියුක් ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු අලුත් කරයි
කටාර් 2022

ඩියුක් ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු අලුත් කරයි

editorial - 2022 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඒ.එෆ්.පී. ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියාව සහ ටියුනීසියාව අතර අද (26 - සෙනසුරාදා) පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ ගෝල 1-0 ක ජයක් අත්කරගත්හ. මෙම ජයත් සමගින්, අවසන් 16 දෙනාගේ වටයට පිවිසීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු අලුත් වී තිබේ.

ඕස්ට්‍රේලියානු පිලේ ආක්‍රමණිකයා වන මිච් ඩියුක්, තරගයේ 23 වැනි විනාඩියේදී හිසින් ගැසූ පහරකින් ඕස්ට්‍රේලියාවට ගෝලයක් ගෙන දුන්නේය. එය තරගයේදී වාර්තා වූ එකම ගෝලය විය.

තරගාවලියේ පළමු තරගයේදීම ප්‍රංශය හමුවේ ගෝල 4-1 කින් පරාජය වූ ඕස්ට්‍රේලියාව, මේ වනවිට තරග 2 කින් ප්‍රසාද ලකුණු 3 ක් ලබා ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ගෙන සිටී.

ඕස්ට්‍රේලියානුවන්ට ඉතිරිව ඇත්තේ ඩෙන්මාර්කයට එරෙහි තරගය පමණි. එහෙත් ඩෙන්මාර්කය සහ ප්‍රංශය අතර තරගය ඉදිරියට තිබෙන බැවින් අවසන් 16 දෙනාගේ වටයේ ස්ථානයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ බලාපොරොත්තුවෙන් සිටිති.

ජපානයේ ජීවත්වන ඕස්ට්‍රේලියානුවකු වන මිච් ඩියුක් කීවේ අද තරගයේදී තමන්ට ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි කලින්ම හැඟීමක් ඇතිව තිබූ බවයි.

“ප්‍රහාරකයෙකු ලෙස ඔබට එම විශ්වාසය තිබිය යුතුයි. සෑම තරඟයකදීම ලකුණු ලබා ගත හැකි බව ඔබ විශ්වාස කළ යුතුයි” යයි ටියුනීසියාව අයසට ඇද දැමූ ඩියුක් කීවේය.

“ඇත්තටම මම මගේ පවුලේ සමහරුන්ට කෙටි පණිවිඩ යවමින් හිටියේ මම අද ගෝලයක් හරි දෙකක් හරි ගහන්න යනවා කියලයි”

ඩියුක් ගෝලය ලබා ගැනීමෙන් පසු ඉංග්‍රීසි ජේ අක්ෂරය සෑදූ අතර එය තරගය නරඹමින් සිටි ඔහුගේ පුතාට දැකගැනීමට බවත් පැවසීය.

ඕස්ට්‍රේලියාව මින් පෙර පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී හොඳම දක්ෂතාවය දැක්වූයේ 2006 දී අවසන් 16 දෙනා අතරට පැමිණීමයි. එහෙත් 2006 දී සිටි තරම් දක්‍ෂ ක්‍රීඩකයන් මෙවර ඕස්ට්‍රේලියානු පිලට ඇතුළත් නොවන බව පාපන්දු විචාරකයන්ගේ මතයයි.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ටියුනීසියාවේ හෙට දවස ඉතාමත් අවදානම් තත්ත්වයට වැටී තිබේ. තරඟ දෙකකින් එකම ප්‍රසාද ලකුණක් පමණක් ලබා ගැනීමෙන් පසුව, ටියුනීසියානුවන්ගේ අවසාන බලාපොරොත්තු සිඳී යමින් පවතී.

ඒ සඳහා කිසියම් ප්‍රගතියක් ලැබීමට නම්, ටියුනීසියාව විසින් වත්මන් ලෝක ශූරයන් වන ප්‍රංශය පරාජය කළ යුතුව තිබේ.

 

නොවැම්බර් 26 වැනිදා වන විට ‘ඩී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

ඩියුක් ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.