Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football චිලී පිල පැරදවූ බ්‍රසීලය ඉදිරියට

චිලී පිල පැරදවූ බ්‍රසීලය ඉදිරියට

editorial - 2021 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අර්ධ අවසන් පූර්ව වටයේදී ‍ගෝල 1-0 ක් ලෙස චිලී රාජ්‍යය පරාජය කළ ‍බ්‍රසීලය, තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අද (3 වැනිදා) සමත් විය. ඒ අනුව මේ මස 6 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී පේරු රාජ්‍යයට එරෙහිව බ්‍රසීලය තරග බිමට පිවිසීමට නියමිතය.

දෙපිලම ගෝල ලබාගැනීමට අසමත් වීම හේතුවෙන් ගෝල 0-0 ක් ලෙස තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය. එහෙත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩියක් ගතවනවාත් සමග (46 වැනි විනාඩියේදී) බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගැනීමට ලූකස් පාකුවේටා සමත් වූ අතර එය මෙම තරගයේදී වාර්තා වූ එකම ගෝලයද විය.

මෙම තරගයේදී බ්‍රසීලය කහපැහැති කාඩ් පතක් සහ රතු පැහැති කාඩ්පතක් ලැබූ අතර චිලී රාජ්‍යය කහ පැහැති කාඩ්පත් 3 ක් ලැබීය. දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 3 ක් ගතවන විට එනම් 48 වැනි විනාඩියේදී ගේබ්‍රියල් ජේසුස් රතු කාඩ්පතක් ලැබීම නිසා එතැන් පටන් තරගය නිමාවන තෙක්ම බ්‍රසීලයට ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය.  

මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘බී’ කාණ්ඩයේ ශූරයන් ලෙස බ්‍රසීලය අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. චිලී රාජ්‍යය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී එක් තරගයක් ජයගෙන, තරග දෙකක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින්, සෙසු තරගය පරාජය වී ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනියා ලෙසිනි.

එහිදී ගෝල 3-0 ක් ලෙස වෙනිසියුලාවද, ගෝල 4-0 ක් ලෙස පේරු රාජ්‍යයද, ගෝල 2-1 ක් ලෙස කොලොම්බියාවද පරාජය කිරීම සමත් වූ බ්‍රසීලය, ඉක්වදෝරය සමග ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් විය. බොලීවියාවට‍ එරෙහිව ගෝල 1-0 ක ජයක් ලැබූ චිලී රාජ්‍යය, පැරගුවේ හමුවේ ගෝල 2-0 ක් ලෙස පරාජයට පත්වෙමින්, උරුගුවේ සමග ගෝල 1-1 ක් ලෙසද, ආර්ජන්ටිනාව සමග ගෝල 1-1 ක් ලෙසද සම තත්ත්වයට පත්විය.

-036


අදහස් (0)

චිලී පිල පැරදවූ බ්‍රසීලය ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.