Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘හමීඞ් අල් හුසේන්’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ හින්දු, කොටහේන ශාන්ත බෙනඩික්, මීගමුව මාරිස්ටෙලා සහ කොළම හමීඞ් අල් හුසේන් යන විදුහල් සමත්වූහ.
ඊයේ (4 වැනිදා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විදුහල ගෝල 3-0 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින්ද, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල ගෝල 3-2 ක් ලෙස මාවනැල්ල සහිරා විදුහල පරාජය කරමින්ද, කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල ගෝල 5-0 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමින්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර පැවැති තරගය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි අතර මීගමුව මාරිස්ටෙලා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ එම තරගය දඩුවම් පහර මගින් ගෝල 4-2 ක් ලෙස ජයගනිමිනි.
මෙතෙක් පැවති තරග වලිදී කොළඹ හමීඞ් අල් හුසේන් විදුහලේ මොහොමඞ් අෂාඞ් (කොළඹ රාජකීය විදුහලට එරෙහිව) සහ කොළඹ වෙස්ලි විදුහලේ ජේ. ආර්. මෙන්ඩිස් (මීගමුව අල් හිලාල් මැදි විදුහලට එරෙහිව) ගෝල 3 බැගින් රැස්කිරමින් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැුස්කළ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවෙති.
තරගාවලියේ අවසන් පූර්ව තරග 8 වැනිදා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව මීගමුව මාරිස්ටෙලා විදුහලත්, කොළම හමීඞ් අල් හුසේන් විදුහලට එරෙහිව කොළඹ හින්දු විදුහලත් තරග වදිති.
‘සෝහෝ හවුස්’ සමාගමේ අනුග‍්‍රහයෙන් හමීඞ් අල් හුසේන් විදුහලේ 80 කණ්ඩායම තරගාවලිය සංවිධානය කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.