Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොස්ටාරිකාව ජපානය පරදවයි
කටාර් - 2022

කොස්ටාරිකාව ජපානය පරදවයි

editorial - 2022 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොස්ටාරිකාවට ගෝල 1-0කින් අද පැවැති තරගයකදී පරාජයට පත්වීමත් සමග කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ (දෙවැනි) වටයට පිවිසීමට ජපානයට දුෂ්කරවී තිබේ.

ජර්මනිය ගෝල 2-1 කට පරාජය කිරීමෙන් අවධානය දිනාගත් ජපානය ‘‘ඊ’’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව තවදුරටත් දෙවැනි තැනේ පසුවුවත් බ්‍රහස්පතින්දා (1) ස්පාඤ්ඤයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීම දෙවැනි වටයට පිවිසීමට නම් ජපානයට අනිවාර්යවී තිබේ.

අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේ දී ප්‍රේක්‍ෂකයන් 41479 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද පැවැති තරගයේදී කොස්ටාරිකාව වෙනුවෙන් 81 වැනි විනාඩියේදී කොයිසර් ෆුලර් විසින් ලබාගත් ගෝලයෙන් එම ජයග්‍රහණය වාර්තා විය. 28 හැවිරිදි ෆුලර් මෙතෙක් ජාත්‍යන්තර තරග 29 ක දී රැස්කර ඇත්තේ ගෝල තුනකි.

මේ අතර මෙවර තරගාවලියට සත්කාරය දරන කටාරය සිකුරාදා (25) පැවැති ‘‘ඒ’’ කාණ්ඩයේ තරගයක දී සෙනගල් රාජ්‍යයට ගෝල 3-1 කින් පරාජය වීමත් සමග දෙවැනි වටයෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්විය.

මෙය ඩොලර් බිලියන 250ක වියදමින් මෙවර සත්කාරය දරන කටාරයේ වැසියන්ගේ අපේක්‍ෂා තරගාවලිය ආරම්භයේදීම බිඳවැටීමකි.

- 223


අදහස් (0)

කොස්ටාරිකාව ජපානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.