Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොලොම්බියාව උරුගුවේ පිල ගෙදර යවයි

කොලොම්බියාව උරුගුවේ පිල ගෙදර යවයි

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තියුණු තරගයකින් ‍අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේදී ‍දඬුවම් පහර 4-2 ක් ලෙස උරුගුවේ පරාජය කළ කොලොම්බියාව, දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉරිදා සමත් විය. ඒ අනුව මේ මස 7 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාවට එරෙහිව කොලොම්බියාව තරග බිමට පිවිසීමට නියමිතය.

තරගයේ නියමිත කාලය සහ අතිරේක කාලය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි බැවින් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර කරා යෑමට විනිසුරුවරයාට සිදුවිය. එහිදී දඬුවම් පහර 4 ක් සාර්ථක කරගැනීමට කොලොම්බියානු ක්‍රීඩකයෝ සමත් වෙද්දී, උරුගුවේ ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර 2 ක් පමණි.

දැල රකින ක්‍රීඩක ඩේවිඩ් ඔස්පිනා කොලොම්බියානු ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූයේ ජෝස් ගිමිනෙස්ගේ සහ මාටියාස් වීනාගේ දඬුවම් පහර වළක්වාලමිනි. එහිදී සිය 112 වැනි ජාත්‍යන්තර පාපන්දු තරගයට ක්‍රීඩා කළ 32 හැවිරිදි ඔස්පිනා කොලොම්බියාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා ලෙස වාර්තාවකටද හිමිකම් කියයි.

මූලික වටයේදී තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී සෙසු තරග දෙක ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘බී’ කාණ්ඩයේ තෙවැනියා ලෙස කොලොම්බියාව අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. උරුගුවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී තරග දෙකක් ජයගෙන, තරගයක් පරාජය වී, තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් තරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි.

-036


අදහස් (0)

කොලොම්බියාව උරුගුවේ පිල ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.