Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football එංගලන්තයට එරෙහිව පෙරළිකාර ඩෙන්මාර්කය

එංගලන්තයට එරෙහිව පෙරළිකාර ඩෙන්මාර්කය

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ (8 වැනිදා  අලුයම 12.30 ට) එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩංගණයේදී ආරම්භ වෙයි. 

එහිදී අපරාජිත එංගලන්තයට එරෙහිව පෙරළිකාර ඩෙන්මාර්කය තරග බිමට පිවිසීමට නියමිතය. 
එංගලන්තය මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානයේ පසුවන අතර ඩෙන්මාර්කය එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියි.

‘ඩී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එංගලන්තය, එහිදී ගෝල 2-0 ක්‍ ලෙස ජර්මනිය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී යුක්රේනයට එරෙහිව ගෝල 4-0 ක පහසු ජයක් වාර්තා කරමිනි. 

‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඩෙන්මාර්කය, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී ගෝල 4-0 ක්‍ ලෙස වේල්සය පරාජය කරමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී චෙක් ජනරජයට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමින් ඩෙන්මාර්කය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මෙවර තරගාවලියේ ඩෙන්මාර්කය සහභාගි වූ පළමු තරගය අතර තුළ ඔවුන්ගේ ප්‍රබල ඉදිරි පෙළ ක්‍රීඩකයකු වූ ක්‍රිස්ටියන් එරික්සන් හෘදයාබාධක් හේතුවෙන් පිටිය මත සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කළේය. ඒ හේතුවෙන් දැඩි පීඩනයක් යටතේ ක්‍රීඩා කළ ඩෙන්මාර්කය එම තරගය ගෝල 1-0 ක් ලෙස ෆින්ලන්තය හමුවේ පරාජයට පත්විය. ඉන් අනතුරුව ‍ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම හමුවේද ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්වූ ඩෙන්මාර්කය, මූලික වටයේ අවසන් තරගයේදී රුසියාවට ‍එරෙහිව ගෝල 4-1 ක ජයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට ‍අවතීර්ණ විය. මූලික වටයේදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝල 1-0 ක්‍ ලෙසද, චෙක් ජනරජයට එරෙහිව ගෝල 1-0 ක්‍ ලෙසද ජය වාර්තා කළ එංගලන්තය, ස්කොට්ලන්තය සමග ගෝල 0-0 ක් ලෙස සමවිය.

මින් පෙර එංගලන්තය සහ ඩෙන්මාර්කය අවස්ථා 21 කදී එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර ඉන් තරග 12 කදීම ජය ලැබීමට එංගලන්තය සමත්වී ඇත. සෙසු තරග 9 න් 5 ක්ම ජය පැරදු‍මකින් තොරව නිමාවට පත්වී ඇති අතර ඩෙන්මාර්කයට ජයගැනීමට හැකි වී ඇත්තේ තරග 4 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණ සංඛ්‍යාව අතින් ගත් කළ ඩෙන්මාර්කයට වඩා එංගලන්තය ඉදිරියෙන් සිටියි.

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරගවැදී ඇත්තේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී වන අතර නේෂන් ලීග් පාපන්දු තරගයක් වූ එහිදී ගෝල 1-0 ක් ලෙස එංගලන්තය පරාජය කිරීමට ඩෙන්මාර්කය සමත්වී ඇත. අවසන් වරට ඩෙන්මාර්කය පරාජය කිරීමට එංගලන්තය සමත්ව ඇත්තේ 2014 වසරේ මාර්තු මාසයේදී වන අතර ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයක් ලෙස පැවැති එම තරගයෙන් ගෝල 1-0 ක් ලෙස එංගලන්තය ජය ලැබීය.

මේ දක්වා පැවැති යූරෝ පාපන්දු තරගාවලි 15 න් එකකදී ශූරයන් බවට පත්වීමට ඩෙන්මාර්කය (1992) සමත්වී ඇති අතර ඔවුන් 1984 වසරේදී පැවැති යූරෝ පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථනයටද හිමිකම් කීවේය. එංගලන්තය තවමත් යූරෝ පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා නොමැති අතර මෙතෙක් ඔවුන් ලබා ඇති ඉහළම ජයග්‍රහණය වන්නේ 1968 සහ 1996 යන වසර වලදී තෙවැනි ස්ථාන හිමිකර ගැනීමය.  


-036


අදහස් (0)

එංගලන්තයට එරෙහිව පෙරළිකාර ඩෙන්මාර්කය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.