Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඉසිපතන - අල් හුසේන් විදුහල් පාපන්දු තරගාවලියේ ඉදිරියෙන්ම

ඉසිපතන - අල් හුසේන් විදුහල් පාපන්දු තරගාවලියේ ඉදිරියෙන්ම

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘හමීඞ් අල් හුසේන්’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ පළමු වටයේ තරග වලින් ජය වාර්තා කිරීමට කොලොන්නාව හෙන්රි  ඕල්කට්, කොළඹ ඉසිපතන, කොළඹ හමීඞ් අල් හුසේන්, කොළඹ හින්දු, කොළඹ ටී. බී. ජයා, මාවනැල්ල සහිරා, කොළඹ වෙස්ලි, කළුතර සිරිකුරුස සහ කොටහේන ශාන්ත බෙනඩික් යන විදුහල් සමත්වූහ.

කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල ගෝල 6-0 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරමින්ද, කොළඹ ඉසිපතන විදුහල ගෝල 4-0 ක් ලෙස මල්වාන අල් මුබාරක් මැදි විදුහල පරාජය කරමින්ද පළමු වටයේදී කණ්ඩායම් වාර්ථා කළ ඉහළම ජයග‍්‍රහණයන්ට දායක වූහ.

කොළඹ ටී. බී. ජයා මහ විදුහල සහ කඳාන ද මැසනද් විදුහල අතර පැවති තරගයත්, කළුතර සිරිකුරුස විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවති තරගයත් දෙපිලම එක් ගෝලය බැගින් ලබාසිටියදී නිමිවට පත්වූ අතර එම තරග දෙකෙහිම ජයග‍්‍රහණය දඩුවම් පහර මගින් තීරණය කෙරිණ.

එහිදී කොළඹ ටී. බී. ජයා මහ විදුහල විසින් කඳාන ද මැසනද් විදුහල ගෝල 3-2 ක් ලෙසත්, කළුතර සිරිකුරුස විදුහල විසින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ගෝල 5-4 ක් ලෙසත් පරාජය කරන ලදී.

මෙතෙක් පැවති තරග වලිදී කොළඹ හමීඞ් අල් හුසේන් විදුහලේ මොහොමඞ් අෂාඞ් (කොළඹ රාජකීය විදුහලට එරෙහිව සහ කොළඹ වෙස්ලි විදුහලේ ජේ. ආර්. මෙන්ඩිස් (මීගමුව අල් හිලාල් මැදි විදුහලට එරෙහිව) ගෝල 3 බැගින් රැස්කිරීමට සමත්වූහ.

අද සහ හෙට (3 සහ 4 වැනිදා) තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග 8 වැනිදාත්, අවසන් මහ තරගය 16 වැනිදාත් පැවැත්වීමට නියමිතය. සියලූම තරග කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

‘සෝහෝ හවුස්’ සමාගමේ අනුග‍්‍රහයෙන් හමීඞ් අල් හුසේන් විදුහලේ 80 කණ්ඩායම තරගාවලිය සංවිධානය කරයි.

 

 


පළමු දිනයේ (1 වැනිදා) තරග ප‍්‍රතිඵල

  • කොලොන්නාව හෙන්රි  ඕල්කට් මහා විදුහල විසින් ගෝල 1-0 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදී.
  • කොළඹ ඉසිපතන විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස මල්වාන අල් මුබාරක් මැදි විදුහල පරාජය කරන ලදී.
  • කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල විසින් ගෝල 6-0 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදී.


දෙවැනි දිනයේ (2 වැනිදා) තරග ප‍්‍රතිඵල

  • කොළඹ හින්දු විදුහල විසින් ගෝල 2-0 ක් ලෙස කොළඹ ඞී. එස්. සේනානායක පරාජය කරන ලදී.
  • කොළඹ ටී. බී. ජයා මහ විදුහල විසින් ගෝල 3-2 ක් ලෙස කඳාන ද මැසනද් විදුහල පරාජය කරන ලදී. (දඩුවම් පහර මගින්)
  • මාවනැල්ල සහිරා විදුහල විසින් ගෝල 2-0 ක් ලෙස ගම්පොළ සහිරා විදුහල පරාජය කරන ලදී.
  • කොළඹ වෙස්ලි විදුහල විසින් ගෝල 3-0 ක් ලෙස මීගමුව අල් හිලාල් මැදි විදුහල පරාජය කරන ලදී.
  • කළුතර සිරිකුරුස විදුහල විසින් ගෝල 5-4 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදී. (දඩුවම් පහර මගින්)
  • කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් ගෝල 2-0 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදී.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ඉසිපතන - අල් හුසේන් විදුහල් පාපන්දු තරගාවලියේ ඉදිරියෙන්ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.