Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ‘කාගිල්ස් ෆුඞ්සිටි’ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටය ලබන සෙනසුරාදා (15) සුගතදාස පිටියේදී පැවැත්වේ. අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (9) නිමාවට පත්විය. ගියවර කුසලාන දිනාගත් නාවික හමුදා කණ්ඩායම, අනුශූරතාව ලද යුද හමුදා කණ්ඩායම ඇතුඑව කඑතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම හා කොළඹ සිටි කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
පෙර අවසන් පූර්ව වටය තෙක් පැමිණෙමින් වසර 70 කට පසුව එෆ්.ඒ. කුසලාන කෙරෙහි වඩාත් අපේක්ෂාවෙන් පසුවූ ‘ශ්‍රීලංගම’ කණ්ඩායම ඊයේ රත්නපුර සීවලී පිටියේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් යුද හමුදා කණ්ඩායමට දඬුවම් පහර 4-2 කින් පරාජය විය.
කෙසේවුවත් ඊයේ තරගයේදීත් ‘ශ්‍රීලංගම’ දස්කම් කැපීපෙනුණු අතර එහිදී තරගයේ නියමිත කාලය ප‍්‍රතිවාදීන් හා සමලකුණු තත්ත්වයෙන් අවසන් කිරීමටද ඔවුහු සමත් වූහ.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ ප‍්‍රබල කණ්ඩායම් අතර රත්නම් කණ්ඩායම මීට පෙර අට වතාවක් එෆ්.ඒ. කුසලාන දිනා තිබේ. අවසන් පූර්ව වටයට පිවිසි බ්ලූ ස්ටාර්ස් සහ කොළඹ සිටි කණ්ඩායම් මීට පෙර එෆ්.ඒ. කුසලාන දිනා නොමැත. යුද හමුදා කණ්ඩායම 2011 දී එෆ්.ඒ. කුසලාන අවසන්වරට දිනා තිබේ.
අර්ධ අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල
අවසන් පූර්ව වටය පැවැත්වෙන ආකාරය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.