Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ආයතනය හිඟ තැබූ කෝටි 17ක් ඉල්ලයි

පාපන්දු ආයතනය හිඟ තැබූ කෝටි 17ක් ඉල්ලයි

editorial - 2023 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයට ගෙන තිබෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සේවා සැපයුම්කරුවන් සඳහා පසුගිය වසරක කාලක්  සඳහා රුපියල්  මිලියන 168කට වැඩි (168951002.18) මුදලක් ගෙවීමට ඉතිරිව තිබෙන බව වාර්තාවේ.

 මෙම පෙර ගෙවීම් වහාම අය කර දෙන ලෙස සේවා සැපයුම්කරුවන් පාපන්දු ආයතනයේ වත්මන් බාරකරුවන් බවට පත්ව සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්  ඉල්ලා තිබේ.

කෙසේ වුවත් ඊට තමන්ට මැදිහත්විය නොහැකි බව පවසමින් වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

මෙම ගණුදෙනු සංකීර්ණ තත්ත්වයක් ගන්නා බැවින් මීළඟට කැඳවෙන නිලවරණයකින් පාපන්දු ආයතනයට පත්වන විධායක සභාවකට මෙම ගෙවීම් සඳහා මැදිහත් විය හැකි බව වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතය වී තිබේ.

අතිවිශේෂ ගැසට්  නිවේදනයක් මගින් පාපන්දු  ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ නිසි බලධාරියා ලෙස වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තාවකාලිකව පැවරීමෙන් පසුව මේ වනවිට එහි සේවක සේවිකාවන්ගේ හිඟ තිබූ මාස දෙකක වැටුප් ගෙවීමට කටයුතු කර තිබේ. ඒ පසුගිය අප්‍රේල් 12 වැනිදාය.

කෙසේ වුවත් සේවා සැපයුම්කරුවන් රැසකට පාපන්දු ආයතනය ගෙවීම් හිඟ තැබීමෙන් මේ වනවිට ඔවුන් දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තාවේ. මෙම තත්ත්වයන් තුළ පාපන්දු ආයතනයේ සේවා සැපයුම් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලියාපදිංචිවී සිටින තමන්ට ඉන් ඉවත්වීමට සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

පසුගිය වසරක කාලයේ පාපන්දු ආයතනයේ හිඟ ගෙවීම් අතරින් ඉහළම අගයක් ගන්නේ ගුවන් ප්‍රවේශපත්‍ර පිරිවැයයි. එය රුපියල් මිලියන 58කට වැඩි (58063818) අගයක් ගෙන තිබේ. හිඟ ගෙවීම් අතර විනිසුරු දීමනා හා ක්‍රීඩා සමාජ ගෙවීම් ද සැලකිය යුතු අගයක් ගෙන තිබේ.


අදහස් (0)

පාපන්දු ආයතනය හිඟ තැබූ කෝටි 17ක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.