බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගයකදී ගෝල 1-0 කින් රත්නම් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සමත් විය. ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් යූ.කේ. කුමාර, තරගයේ 71 වැනි මිනිත්තුවේදීද ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.
රත්නම් ක්‍රීඩා සමාජයේ පී.එස්. මධුරංග 62 වැනි මිනිත්තුවේදී රතු කාඞ්පතක් ලැබූ අතර එම ක්‍රීඩා සමාජයේම එම්.ජේ. අබ්දුල්ලා සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ රොෂේන් අප්පුහාමි එහිදී කහ කාඞ්පත් ලැබූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.