ඩිෆෙන්ඩර්ස් පිලට ගෝල 3-1 ක ජයක්
ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී මාතර සිටි පාපන්දු සමාජයට එරෙහිව මාතර පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමට ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සමත් විය.
ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් අසිකුර් රෙහෙමාන් 10 වැනි මිනිත්තුවේදීද, පී.කේ. ප්‍රදීප් 66 වැනි මිනිත්තුවේදීද, එම්.එන්. පතිරණ 80 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.
මාතර සිටි පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට බී. ප්‍රින්ස් සමත් වූ අතර ඔහු එම ගෝලය ලබගත්තේ 54 වැනි මිනිත්තුවේදීය.
එහිදී මාතර සිටි පාපන්දු සමාජයේ ටී.එම්. ෂෙහාන් සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ ටී. කජන්තන් කහ කාඩ්පත් ලැබූහ.
-036