Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජනප‍්‍රිය පාසල් පාපන්දු තරග මාර්තුවේදී

ජනප‍්‍රිය පාසල් පාපන්දු තරග මාර්තුවේදී

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ ජනප‍්‍රිය පාසල් 16 ක් අතර අන්තර් පාසල් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. පාසල් අතර පාපන්දු ක‍්‍රීඩාව ජනප‍්‍රිය කරවීම රටේ පාපන්දු ක‍්‍රීඩාව නැංවීමට උපකාරී වන බැවින් මෙම තරගාවලිය සංවිධානය කරන බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ‘ලංකාදීප’යට පැවසීය.

තරගාවලිය ‘චොක්ෂ්’ කුසලාන සදහා ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන බව ද ශූරතාව දිනන කණ්ඩායමට මුදල් ත්‍යාගයක් ද ප‍්‍රදානය කෙරෙන බව රංජිත් රුද්‍රිගු මහතා පැවසීය. තරගාවලියට සහභාගි කර ගන්නා කණ්ඩායම් අතර ජාත්‍යන්තර පාසල් හතරක්ද වෙයි.


තරගාවලියට සහභාගි කර ගන්නා පාසල්:

මීගමුව ශාන්ත මරියා විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කදාන ද මැසිනොද් විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල, කොළඹ සහිරා විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, කොළඹ ආනන්ද විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, බි‍්‍රටිෂ් ජාත්‍යන්තර පාසල සහ රෝයල් ඉන්ස්ට්ටියුට් ජාත්‍යන්තර පාසල

 


අදහස් (0)

ජනප‍්‍රිය පාසල් පාපන්දු තරග මාර්තුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.