(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව සඳහා වන තෙවැනි සතියේ තරග ආරම්භ වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 39.68 ක් ලබා සිටින පානදුර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි.
පළමු සතියේදී ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ පානදුර ක්‍රීඩකයෝ, දෙවැනි සතියේදී කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබේ. තෙවැනි සතියේදී ඔවුන් බදුරලිය කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇත.
කුරුණෑගල යොවුන් කණ්ඩායම ලකුණු 39.09 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර නුගේගොඩ කණ්ඩායට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ ඔවුන් දෙවැනි සතියේදී පානදුර කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබීය.
පළමු සතියේදී කුරුණෑගල යොවුන් කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයක්ද, දෙවැනි සතියේදී බදුරලිය කණ්ඩායම හමුවේ පූර්ණ පරාජයක්ද ලැබූ නුගේගොඩ කණ්ඩායම, ලකුණු 36.795 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේද පසුවේ.
බදුරලිය කණ්ඩායම ලකුණු 36.625 ක් සමග සිවුවැනි ස්ථානයටත්, ද්‍රවිඩ සංගම් කණ්ඩායම ලකුණු 23.56 ක් සමග පස්වැනි ස්ථානයටත්, හලාවත මේරියන්ස් කණ්ඩායම ලකුණු 22.375 ක් සමග හයවැනි ස්ථානයටත් පත්ව සිටියි.
තෙවැනි සතියේ සෙසු තරගවලදී නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ද්‍රවිඩ සංගම් කණ්ඩායමත්, කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව හලාවත මේරියන්ස් කණ්ඩායමත් තරග වදිනු ඇත. එම තරග ඊයේ (5 වැනිදා) ආරම්භ වූ අතර හෙට (7 වැනිදා) අවසන් වීමට නියමිතය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.