Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කමිඳු - නිපුන් දඹුල්ලේ නායකයෝ

කමිඳු - නිපුන් දඹුල්ලේ නායකයෝ

editorial - 2021 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය අක්‍රිය පවතින හෙයින් ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රියාකාරීව තැබිමත්, ඉදිරියේ එන එල්.පී.එල්. තරගාවලියට සූදානම් කිරීමත් අපේක්‍ෂාවෙන් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෝ 20 කට වැඩි පිරිසක් පුහුණු වෙමින් සිටිති. 

ක්‍රීඩකයන් 13 ක් බැගින් කණ්ඩායම් දෙකක් එහි පුහුණුව ලබන අතර මෙම කණ්ඩායම් දෙක සඳහා වෙන වෙනම පුහුණුකරුවන් මෙන්ම තාවකාලික නායකන් දෙදෙනකුද පත්කර ඇත. දෙපිලේ තාවකාලික නායකයන් ලෙස කමිඳු මෙන්ඩිස් සහ නිපුන් ධනංජය පත්කර තිබේ. මේ දෙදෙනාම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයෝ වෙති. 

තනි ජෛව ආරක්‍ෂිත බුබුලක් ලෙස සිටින නමුත් කණ්ඩායම් දෙකක් ලෙසින් ඔව්හු පුහුණුවීම් කරති. කණ්ඩායමක් උදය වරුවේත් අනෙක් කණ්ඩායම සවස් වරුවේදීත් පුහුණුවීම් කරති. 

මෙම කණ්ඩායම් දෙක අතර පුහුණු තරග කිහිපයක් මේ මස 8 වැනිදා සිට පැවැත්වීමට නියමිතව ඇත. මෙම නේවාසික පුහුණු වැඩසටහන ජූනි 25 වැනිදා සිට මාසයකට ආසන්න කාලයක් පැවැත්වේ. 

කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, සධීර සමරවික්‍රම, සංගීත් කුරේ, කමිල් මිෂාර, මිනෝද් භානුක, සුමින්ද ලක්ෂාන්, දිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස් යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් නේවාසික පුහුණු කඳවුරට එක්ව සිටිති. 

නිපුන් ධනංජය, සමින්ද ප්‍රනාන්දු, ශම්මු අශාන්, සහන් ආරච්චිගේ, උදිත් මදුශාන්, කළණ පෙරේරා, නිමේශ් විමුක්ති, මහේෂ් තීක්‍ෂණ, නුවනිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, නුවන් තුෂාර, අශේන් ඩැනියෙල්, හිමේෂ් රාමනායක, ළහිරු සමරකෝන්, ලසිත් අබේරත්න, පුලින තරංග යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම නියෝජනය කරමින් නේවාසික පුහුණු කඳවුරට එක්ව සිටිති. 

- 2079


අදහස් (0)

කමිඳු - නිපුන් දඹුල්ලේ නායකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.