Last Update  :  2025-06-30 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මහනුවර බිමට දැමූ කොළඹ දකුණ අවසන් තරගයට
ශ්‍රී ලංකා යොවුන් ලීගය

මහනුවර බිමට දැමූ කොළඹ දකුණ අවසන් තරගයට

editorial - 2025 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මහනුවර පිලේ අපරාජිත බව බිඳ දමමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ දකුණ පිල සමත්විය.

අනුරාධපුර සමාධි පිටියේ පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම මහනුවර පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් ලැබීය. මෙම තරගාවලියේ පළමු වටයේදී කොළඹ දකුණ පිල මහනුවර පිල හමුවේ පරාජයට පත්විය.

අවසන් පූර්ව තරගයේදී කොළඹ දකුණු පිලේ ජයග්‍රහණය වෙනුවෙන් දිනෙත් පීරිස් තුන් ඉරියව් දස්කම් දැක්වීය. දිනෙත් පීරිස් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 27කට කඩුලු 4ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 46ක් රැස් කළේය. 


මහනුවර - ඕවර 35.2 කදී 157 යි 
(සෙත්මික සෙනෙවිරත්න 35, පුලීෂ තිලකරත්න 34, යෝෂිත ඉසුරංග 30, දහම් නිර්මාල් 30/2)

කොළඹ දකුණ - ඕවර 35.2 කදී කඩුලු 7 ට  161 යි
(දිනෙත් පීරිස් 46, ජේසන් ප්‍රනාන්දු 27, ජොශූවා සෙබස්තියන් නොදැවී 26, සෙත්මික සෙනෙවිරත්න 20/3, කවිජ ගමගේ 27/2, නිසල අබේරත්න 39/2)


අදහස් (0)

මහනුවර බිමට දැමූ කොළඹ දකුණ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.