Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19 න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට මෙවරත් සුදුසුකම් ලැබීමට පසුගිය වර ශූරයන් වූ කොළඹ උතුර පිල සමත්විය.
සාලියපුර ගජබා රෙජිමේන්තු පිටියේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ උතුර පිල ගාල්ල පිලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් ලැබීය. මෙම තරගයේදී කොළඹ උතුර පිල වෙනුවෙන් නායක චාමික හීනටිගල සහ මානස මධුභාෂණ තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, ඩිනෝෂ් ජෙලෝන් පිත්තෙන් දස්කම් දැක්වීය.
තරගාවලියේ තම තෙවැනි අර්ධ ශතකය රැස් කිරීමට ගාල්ල පිලේ ආරම්භක පිතිකරු දුල්සිත් දර්ශන සමත්වූ අතර, ගාල්ල පිලේ නායක විරාන් චමුදිත තම දෙවැනි අර්ධ ශතකය ලබාගත්තේය.
ගාල්ල - ඕවර 48.2 කදී 217 යි
(විරාන් චමුදිත 64, දුල්සිත් දර්ශන 50, ලිදුල නුවාංග 29, චාමික හීනටිගල 28/3, දුනික් පෙරේරා 46/3, මානස මධුභාෂණ 34/2)
කොළඹ උතුර -ඕවර 48.2 කිදී කඩුලු 9 ට 223 යි
(ඩිනෝෂ් ජෙලොන් 65, චාමික හීනටිගල 35, මානස මධුභාෂණ 35, කිත්ම විතානපතිරණ නොදැවී 21, සදෙව් නෙත්මිණ 42/4, මලිත් ද සිල්වා 31/2, ලිදුල නුවාංග 48/2
මානස මධුභාෂණ චාමික හීනටිගල ඩිනෝෂ් ජෙලොන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.