Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ කොල්ට්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී රාගම පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් කෝල්ට්ස් පිතිකරුවෝ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 506 ක් ලබාගත්හ.
එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ ධනංජය ලක්ෂාන් හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 150 ක්ද, මුදිත ලක්ෂාන් හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 117 ක්ද, සනෝජ් දර්ෂික හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 101 ක්ද රැස්කිරීමට සමත් වූහ.
මෙම තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වූ අතර ඒ වන විට ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සිටි රාගම ක්‍රීඩකයෝ, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියහ.
කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 506
(සංගීත් කුරේ 21, යොහාන් මෙන්ඩිස් 38, සනෝජ් දර්ෂික 101, ධනංජය ලක්ෂාන් 150, මුදිත ලක්ෂාන් නොදැවී 117, කවිෂ්ක අංජුල 31, ශෂික දුල්ෂාන් 106/2)
රාගම පළමු ඉනිම - සියලු දෙනා දැවී 292
(ජනිත් ලියනගේ 67, විනුර දුල්සර 40, රවිඳු සෙම්බුකුට්ටිගේ 34, ගජිත කොටුවේගොඩ 76, තරණ විමලධර්ම 36/2, මුදිත ලක්ෂාන් 62/3, උදිත මධුෂාන් 36/2)
රාගම දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 191
(දිනෙත් තිමෝද්‍ය 47, සන්තුෂ් ගුණතිලක 67, මුදිත ලක්ෂාන් 67/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.