Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්ටෝක්ස්ගේ දස්කම් එංගලන්තයට ජය ගෙනෙයි

ස්ටෝක්ස්ගේ දස්කම් එංගලන්තයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බෙන් ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දස්කම් හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 37.4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

බෙන් ස්ටෝක්ස් (නොදැවී 63) සහ ජොස් බට්ලර් (නොදැවී 36) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 51 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. එහිදී පන්දු 74 කට මුහුණදුන් ස්ටෝක්ස් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු රැස්කළ අතර පන්දු 20 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 63 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 62 ක් රැස්කළ ඔයින් මෝගන් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. එහිදී ස්ටොක්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෝගන් සමත් විය. ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 39 කදී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මිචෙල් සෑන්ට්නර් පන්දු 52 කදී නොදැවී ලකුණු 63 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 87 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 ක් රැස්කළේය.

මුයින් අලී, බෙන් ස්ටෝක්ස් සහ ක්‍රිස් වොක්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 4 ක්ම දුවද්දී දැවීයෑම් නිසා බිඳවැටුණ අතර ඉන් 2 කටම දායක වීමට ස්ටෝක්ස් සමත් විය.


නවසීලන්ත පිල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 223
(මාටින් ගප්ටිල් 50, ටොම් ලේතම් 22, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 38, මිචෙල් සෑන්ට්නර් නොදැවී 63, ලොකී ෆර්ගියුසන් 19, මුයින් අලී 33/2, බෙන් ස්ටෝක්ස් 42/2, ක්‍රිස් වෝක්ස් 42/2)

එංගලන්ත පිල - ඕවර 37.5 කදී කඩුලු 4 ක් දැවී 225
(ජොනී බෙයාස්ට්‍රෝ 37, ඔයින් මෝගන් 62, බෙන් ස්ටෝක්ස් නොදැවී 63, ජොස් බට්ලර් නොදැවී 36, ටේ‍රන්ට් බෝල්ට් 46/2)


- 036

 


අදහස් (1)

ස්ටෝක්ස්ගේ දස්කම් එංගලන්තයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.