Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගාගේ වෑයම අපතේ යයි

සංගාගේ වෑයම අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මහ තරගයේදී හුං හොම් ජගුවර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 6 ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ‘හොං කොං බ්ලිට්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 194 ක් පමණි. එහිදී පන්දු 47 කට මුහුණදුන් සංගක්කාර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 76 ක් ලබාගත්තද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු අපොහොසත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹා යද්දී බලාල් මුහම්මද් (33) සමග එක්ව ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 101 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගක්කාර සමත් විය. පන්දු 33 කදී ලකුණු 33 ක් ලබාගත් මුහම්මද්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ 6 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 13 කදී ලකුණු 31 ක් රැස්කිරීමට සමත් වුවද, සෙසු මැද පෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු සහයෝගය මදි වීම නිසා ඔහුට ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් හුංහොම් ජගුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ නිසාකත් ඛාන් පන්දු 52 කදී ලකුණු 93 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. ජොහාන් බෝතා (36) සමග එක්ව ජගුවර්ස් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඛාන් සමත් විය. පන්දු 22 කදී වාර්තා වු බෝතාගේ ඉනිම හයේ පහර 2 කින් සමන්විත විය.

එහිදී දක්ෂ පන්දු යැවීමද නිරත වූ ඉම්රාන් අරීෆ් ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් අර්ෂඞ් මොහොමඞ් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය.

 

හුංහොම් ජගුවර්ස් කණ්ඩායම - ඕවර 20 කදී 7 කට 200
(නිසාකත් ඛාන් 93, ජෙහාන් බෝතා 36, ඩැරන් සැමී 21, ඉම්රාන් අරීෆ් 49/4, අර්ෂඞ් මොහොමඞ් 31/2)

ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම - ඕවර 20 කදී 4 කට 194
(බලාල් මුහම්මද් 33, කුමාර් සංගක්කාර 76, ඇන්ටන් ඩෙව්සිච් නොදැවී 27, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් නොදැවී 31)


- 036

 


අදහස් (0)

සංගාගේ වෑයම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.