Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගාගේ ග්ලැඩියේටර්ස් පිල අවසන් තරගයට

සංගාගේ ග්ලැඩියේටර්ස් පිල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘හොංකොං බ්ලිට්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී වේගවත් ලකුණු 94 ක් රැස්කරමින් ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගයට රැගෙන යෑමට කුමාර් සංගක්කාර සමත් විය. සංගක්කාරගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් සිටි කයිතක් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ ඕවර 18.2 අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සංගක්කාර, හයේ පහර 7 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 56 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිටි කයිතක් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවී බොපාරා පන්දු 30 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර කයිල් කොයෙට්සර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජේඞ් ඩර්න්බැච් සහ ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින් කඩුලු 3 බැගින් දවාගනිමින් සිටි කයිතක් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.


සිටි කයිතක් කණ්ඩායම - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 136
(කයිල් කොයෙට්සර් 24, ජෙමී ඇට්කින්සන් 17, රවී බොපාරා 37, රයද් එමිර්ට් 18, ජේඞ් ඩර්න්බැච් 21/3, ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින් 24/3)

ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම - ඕවර 18.2 කදී 5 ක් දැවී 139  
(කුමාර් සංගක්කාර නොදැවී 94, කැමරන් ඩෙල්පොට් 15, සැමුවෙල් බද්‍රි 12/3)

 

- 036

 


අදහස් (0)

සංගාගේ ග්ලැඩියේටර්ස් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.