Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මිලර්ගේ වාර්තාගත ශතකය ද. අප්‍රිකාව දිනවයි

මිලර්ගේ වාර්තාගත ශතකය ද. අප්‍රිකාව දිනවයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් මිලර්ගේ (නොදැවී 101) වාර්තාගත ශතකය හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පොචෙස්ට්‍රෝම්හි සෙනිව්ස් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

එහිදී එදා මෙදා තුර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලබාගත් ඬේවිඞ් මිලර්, පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 224 ක් දක්වා ඔසවා තැබීය. පන්දු 36 කදී වාර්තා වූ මිලර්ගේ මංගල විස්සයි20 ශතකය දැවැන්ත හයේ පහර 9 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

හෂීම් අම්ලා (85) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිලර්, ඉන් නොනැවතී ෆර්හාන් බෙහාර්ඩීන් (නොදැවී 06) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 67 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 51 කදී වාර්තා වූ අම්ලාගේ 8 වැනි විස්සයි20 අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 225 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 18.3 ක් අවසානයේ ලකුණු 141 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ පන්දු යවන්නන් 6 දෙනාම කඩුලු ලබාගත් අතර ඔවුන් අතරින් ජේ. පී. ඩුමිනි සහ ඒරන් පැන්ගිසෝ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර ඒරන් පැන්ගිසෝගේ පන්දුවක් හමුවේ බියුරන් හෙන්ඩි්‍රක්ස් අතට උඩපන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.


දකුණු අප්‍රිතාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 224
(හෂීම් අම්ලා 85, ඒ. බී. ඩිවිලියස් 20, ඬේවිඞ් මිලර් නොදැවී 101, සකීබ් අල් හසන් 22/2, මොහොමඞ් ශයිෆුඩීන් 53/2)

බංග්ලාදේශය - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 141
(සෞම්‍ය සාකර් 44, මහමදුල්ලා 24, මොහොමඞ් ශයිෆුඩීන් 23, ජේ. පී. ඩුමිනි 23/2, ඒරන් පැන්ගිසෝ 31/2)


- 036


අදහස් (0)

මිලර්ගේ වාර්තාගත ශතකය ද. අප්‍රිකාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.