Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පළමු විස්සයි20 තරගයේ ජය ද. අප්‍රිකාවට

පළමු විස්සයි20 තරගයේ ජය ද. අප්‍රිකාවට

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ (26 වැනිදා) මැන්ගවුන් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක ජයක් හිමිකරගත් සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත වූ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ ලකුණු 175 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ඬේන් පීටර්සන්, ඇන්ඩිල් පෙලුක්වායෝ, රොබට් ෆ්‍රලින්ක්ස් සහ බියුරන් හෙන්ඩ්‍රික්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය වැලැක්වූහ.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සෞම්‍ය සාකර් පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළ අතර සබීර් රෙහෙමාන් (10) සමග එක්ව පළමු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක්ද ලබා දුන්නේය.

බංග්ලාදේශ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ මොහොමඞ් ශයිෆුඞ්ඩීන් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් ලබාගත්තද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 195 ක් රැස්කළ අතර එහිදී වේගවත් පිතිහරඹයක ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 27 කදී ලකුණු 49 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි.

පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළ ක්වින්ටින් ඩි’කොක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ඩිවිලියර්ස් සමග දකුණු අප්‍රිකානු ඉනිමේ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 79 ක සම්න්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් විය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 62 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ඩේවිඩ් මිලර් (නොදැවී 25) සහ ෆර්හාන් බෙහාර්ඩීන් (නොදැවී 36) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර පන්දු 17 කදී වාර්තා වූ බෙහාර්ඩීන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.


දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 195
(ක්වින්ටන් ඩි’කොක් 59, ඒ. බී. ඩිවිලියස් 49, ඬේවිඞ් මිලර් නොදැවී 25, ෆර්හාන් බෙහාර්ඩීන් නොදැවී 36, මෙහෙදි හසන් 31/2)

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 175
(සෞම්‍ය සාකර් 47, සබීර් රෙහෙමාන් 19, මොහොමඞ් ශයිෆුඞ්ඩීන්  නොදැවී 39, මෙහෙදි හසන් 14, ඬේන් පීටර්සන් 29/2, ඇන්ඩිල් පෙලුක්වායෝ 25/2, රොබට් ෆ්‍රලින්ක්ස් 33/2, බියුරන් හෙන්ඩ්‍රික්ස් 42/2)


- 036

 


අදහස් (0)

පළමු විස්සයි20 තරගයේ ජය ද. අප්‍රිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.