Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිතිකරුවෝ මුල් දිනයේ අණසක පතුරති

පිතිකරුවෝ මුල් දිනයේ අණසක පතුරති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වූ 80 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය පස්වරුවේ ඇතිවූ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නතර කරන විට ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 92 ක් රැස්කර සිටියේය.

පස්වරු 4.40 ට පමණ තරගය නතර කිරීම නිසා පළමු දිනයේ යැවීමට නියමිතව තිබූ  ඕවර 23.3 ක් යැවීමට නොහැකි විය. දිනය අවසන් වන විට සධීර සමරවික‍්‍රම (නොදැවී 62) සහ පැතුම් මධුසංඛ (නොදැවී 16) පන්දුවට පහර දෙමින් සිටියහ.

ශාන්ත ජෝශප් විදුහලේ පළමු කඩුල්ල ලෙස නායක ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ ලකුණු නොලබා දැවී ගියේය.  ශාන්ත පීතර විදුහල පළමු ඉනිම වෙනුවෙන්  ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 282 ක් රැස් කළේය.

ශාන්ත පීතර විදුහලේ චන්දුල ජයමාන්න විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 131 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 116 ක් රැස් කිරීමට සමත් විය. ජනිත් ලියනගේ සහ චන්දුල ජයමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක සම්බන්ධතාවක් පවත්වමින් ශාන්ත පීතර විදුහල ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

ජනිත් ලියනගේ පන්දු 90 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 80 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.  

මෙම සම්බන්ධතාව ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ මහ ක‍්‍රිකට් තරගයේ තෙවැනි කඩුල්ල ස`දහා පැවැත්වූ දෙවැනි ඉහළතම සම්බන්ධතාව වේ. 1979 වසරේ රොහාන් බුල්ජන්ස් (නොදැවී 100) සහ කිටෝ ප‍්‍රනාන්දුපුල්ලේ (නොදැවී 72) ලකුණු 173 ක සම්බන්ධතාවක් පවත්වමින් තෙවැනි කඩුල්ලේ වැඩිම සම්බන්ධතා වාර්තාව පිහිටුවා තිබේ.

ශාන්ත පීතර විදුහල් පිතිකරුවෝ අවසන්  ඕවර 15 දී පමණ වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සහ කළ අතර එය පාලනය කිරීමට සමත් වූ දකුණතින් පා දග පන්දු යවන අරවින්ද අකුරුගොඩ කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය.  

වමත් ආරම්භක පිතිකරු හෂාන් වනසේකරගේ ඉනිම ලකුණු 18 ට සීමා වීමත් සමග ශාන්ත පීතර විදුහල ලකුණු 44 කට කඩුලූ 2 ක් බවට පත්විය.  ශාන්ත පීතර විදුහල් ආරම්භක පිතිකරු දිනෙත් තිමෝද්‍ය ලකුණු 10 ක් ලබා සිටියදී ෆේබියන් ප‍්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ශාන්ත ජෝශප් විදුහල් නායක ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ කාසියේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශාන්ත පීතර විදුහලට ආරාධනා කළේය. මෙම තරගයේ පළමු ඉනිමක්  ඕවර 60 කට සීමා වේ.

හෙට (08) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.    


ලකුණු පුවරුව

ශාන්ත පීතර විදුහල - පළමු ඉනිම
දිනෙත් තිමෝද්‍ය - ඇ. ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ ප. ෆේබියන් ප‍්‍රන්නදු    10
   හෂාන් වනසේකර - ඇ. කල්ප රවිහාර ප. හෂීන්ද්‍ර පෙරේරා     18
    ජනිත් ලියනගේ - ක. මූ. කළා ප. යෂාන් සමරසිංහ    80
    චන්දුල ජයමාන්න - ඇ. සහ ප.  අරවින්ද අකුරුගොඩ    116
    කාවින්ද ද තිසේරා - ඇ. ප‍්‍රියමාල් පෙරේරා ප. අරවින්ද අකුරුගොඩ    14
    සචින් දල්පදාදු - ඇ. ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ ප. අරවින්ද අකුරුගොඩ    10
    තනීෂ වීරකෝන් - ස්ටම්ප් කල්ප රවිහාර ප. අරවින්ද අකුරුගොඩ    0
    චෙමිල ඔබේසේකර - දුවද්දී දැවී ගියා     20
    ඔෂාන් කරුණාරත්න - ක. මූ. කළා ප. අරවින්ද අකුරුගොඩ    0
    සහන් නානායක්කාර - ස්ටම්ප් කල්ප රවිහාර ප. අරවින්ද අකුරුගොඩ    2
    නවීන් දර්ශන - නොදැවී     1    
    අතිරේක    11
    එකතුව  ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී    282

කඩුලූ වැටීම:
1-27(දිනෙත් වනසේකර), 2-44(හෂාන් වනසේකර), 3-195(ජනිත් ලියනගේ), 4-224(කාවින්ද ද තිසේරා), 5-238(සචින් දල්පදාදු), 6-240(තනීෂ වීරකෝන්), 7-265(චන්දුල ජයමාන්න), 8-265(ඔෂාන් කරුණාරත්න), 9-271(සහන් නානායක්කාර), 10-282(චෙමිල ඔබේසේකර)

පන්දු යැවීම:
ෆේබියන් ප‍්‍රනාන්දු: 9-0-48-1, ටි‍්‍රෂාන් තනූජ: 8-1-34-0, හෂින්ද්‍ර පෙරේරා: 9-0-43-1, මල්ෂාන් රොද්‍රිගු: 3-0-13-0, අරවින්ද අකුරුගොඩ: 18-2-75-6, පැතුම් මධුසංඛ: 1-0-10-0, ප‍්‍රියමාල් පෙරේරා: 2-0-11-0, යෂාන් සමරසිංහ: 9.5-0-48-1
 
ශාන්ත ජෝශප් විදුහල - පළමු ඉනිම
යෂාන් සමරසිංහ - ප. ජනිත් ලියනගේ     8    
ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ - ඇ. සචින් දල්පදාදු ප. චෙමිල ඔබේසේකර     0
සධීර සමරවික‍්‍රම - නොදැවී     62
පැතුම් මධුසංඛ - නොදැවී     17
අතිරේක      5
එකතුව  ඕවර 21.3 කදී කඩුලූ 2 ක් දැවී     92

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
ප‍්‍රියමාල් පෙරේරා, කල්ප රවිහාර, අරවින්ද අකුරුගොඩ, ෆේබියන් ප‍්‍රනාන්දු, මල්ෂාන් රොද්‍රිගු, හෂීන්ද්‍ර පෙරේරා, ටි‍්‍රෂාන් තනූජ

කඩුලූ වැටීම:
1-04(ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ), 2-39(යෂාන් සමරසිංහ)

පන්දු යැවීම:
චෙමිල ඔබෙසේකර: 6-0-25-1, ජනිත් ලියනගේ: 8-1-32-1, නවීන් දර්ශන: 4-0-18-0, සහන් නානායක්කාර: 2.3-0-12-0, තනීෂ වීරකෝන්: 1-0-0-5-0

 

තරගයේ තවත් සේයාරූ...


අදහස් (0)

පිතිකරුවෝ මුල් දිනයේ අණසක පතුරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.