Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නිල් මහ සටනට නව ලාංඡනයක් හා රන් කාසියක්

නිල් මහ සටනට නව ලාංඡනයක් හා රන් කාසියක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

නිල් මහ සටන වෙනුවෙන් නිර්මාණය කරන ලද රන් කාසිය රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාට සහ සා. තෝමස් විද්‍යාලයේ පාලක මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා මහතාට පිළිගන්වන ලද අවස්ථාව.

රාජකීය විදුහල හා සාන්ත තෝමස් විදුහල අතර 135 වැනි වරටත් පැවැත්වීමට නියමිත නිල් මහා සටන වෙනුවෙන් නව ලාංඡනයක් හා රන් කාසියක් හඳුන්වා දී තිබේ. ලොව දෙවැනි පැරණිතම කි‍්‍රකට් තරගය වශයෙන් සැලකෙන රාජකීය - සාන්ත තෝමස් මහා ක‍්‍රිකට් තරගය සඳහා වෙනම ලාංඡුනයක් නිකුත් කෙරෙන්නේ පළමු වතාවටය.

මෙම රන් කාසිය තරගයට පෙර කාසියේ වාසිය උරගා බැලීම සඳහා භාවිතා කෙරෙන අතර එය ඉදිරි වර්ෂ තුළදීත් ප‍්‍රයෝජනයට ගැනීම සඳහා තරගයෙන් අනතුරුව බැංකුවක සුරක්‍ෂිතව තැන්පත් කර තැබීමට නියමිතය.

රාජකීය - සාන්ත තෝමස් මහා ක‍්‍රිකට් ගැටුමේ ලාංඡනය නිර්මාණය කර ඇත්තේ තරගයේ ඉතිහාසයට සම්බන්ධ ඉතා වැදගත් සිදුවීම් අනුසාරයෙනි.

මහා ක‍්‍රිකට් තරගයේ ජයග‍්‍රාහකයන්ට පිරිනැමෙන ඞී. එස්. සේනානායක අනුස්මරණ පළිහ හැඩයට සමාන සරල හැඩයක් මෙම ලාංඡනයට යොදා ගෙන ඇත. එහි මුදුණත පළමු තරගය පවත්වන ලද දිනය සටහන් වෙයි. පාසල් දෙකෙහි නිල ලාංඡන යටතේ තරගයේ නමෙහි අනුපිළිවෙල ප‍්‍රදර්ශනය කෙරේ. සාරවත් ඉතිහාසය හා ගෞරවය විදහා දැක්වීම සඳහා පැරණි ඉංග‍්‍රීසි අක්ෂර භාවිතා කර ඇත. මෙම ලාංඡනය නිර්මාණය කර ඇත්තේද වාර්ෂිකව ප‍්‍රයෝජනයට ගත හැකි වන පරිදිය.

රාජකීය - සා. තෝමස් මහ කි‍්‍රකට් තරගය මේ වසරේදීත් මාර්තු 13, 14 හා 15 යන දිනයන් හි සිංහල ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. 39 වැනි එක් දින තරගය මාර්තු මස 22 වැනිදා එම ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

 


අදහස් (2)

නිල් මහ සටනට නව ලාංඡනයක් හා රන් කාසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.