Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ටේලර්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

ටේලර්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොස් ටේලර්ගේ වේගවත් පිතිහරඹය හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඩුනෙඩින්හිදී පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (7 වැනිදා) සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමටද නවසීලන්තයට හැකි විය. දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය 10 වැනිදා ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වීමට නියමිත. එම තරගයේ ප්‍රතිඵලය අනුව තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරේ.

සිවුවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී පන්දු 3 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් සිය 19 වැනි එක්දින ශතකය ලබාගත් රොස් ටේලර් (නොදැවී 181) එය හයේ පහර 6 කින් සහ හතරේ පහර 17 කින් අලංකාර කළේය. ලකුණු 2 කට කඩුලු 2 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට පත්ව තිබූ නවසීලන්ත කණ්ඩායම එම තත්ත්වයෙන් මුදවාගත් ටේලර්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක කේන් විලියම්සන් (45) සමග එක්ව පන්දු 81 කදී ලකුණු 84 ක සම්බන්ධාවක්ද ගොඩනැගූවේය.

පන්දු 48 කට මුහුණදුන් විලියම්සන් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු රැස්කළ අතර බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

විලියම්සන්ගේ දැවී යාමෙන් අනතුරුව ටොම් ලේතම් (71) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 155 කදී ලකුණු 187 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටේලර්, නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 67 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු රැස්කළ ලේතම් දැවී ගියේ ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ මුයින් අලී අතට උඩ පන්දුවක් දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජොනී බෙයාස්ට්‍රෝ (138) සහ නායක ජෝ රූට් (102) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 164 කදී ලකුණු 190 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 106 කදී වාර්තා වූ බෙයාස්ට්‍රෝගේ තෙවැනි එක්දින ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් වූ අතර පන්දු 101 කදී වාර්තා වූ රූට්ගේ 11 වැනි ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

කෙසේ වුවත් බෙයාස්ට්‍රෝගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු 46 ක් තුළ එංගලන්ත ඉනිමේ තවත් පිතිකරුවන් 7 දෙනෙක් දැවී ගිය අතර ඉන් පස් දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය බලා ගියේ ලකුණු 10 සීමාව පසුකිරීමටද පෙරාතුවය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉෂ් සෝධි ලකුණු 58 කට කඩුලු 4 ක් දවාගත් අතර ටේ‍රන්ට් බෝල්ට් සහ කොලින් මුන්රෝ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එංගලන්ත පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 335
(ජේසන් රෝයි 42, ජොනී බෙයාස්ටේ්‍රා් 138, ජෝ රූට් 102, ටොම් කරන් නොදැවී 22, ඉෂ් සෝධි 58/4, කොලින් මුන්රෝ 53/2, ටේ‍රන්ට් බෝල්ට් 56/2)

නවසීලන්ත පිල - ඕවර 49.3 කදී කඩුලු 5 ක් දැවී 339
(කේන් විලියම්සන් 45, රොස් ටේලර් නොදැවී 181, ටොම් ලේතම් 71, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 23, ටොම් කරන් 57/2)


- 036


අදහස් (0)

ටේලර්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.