Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ටේලර්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

ටේලර්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7 ක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ.

නවසීලන්ත කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 9 ක් රැස්කිරීමට සිදුවිය. ක්‍රිස් වෝක්ස් යැවූ එම ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ මිචෙල් සෑන්ට්නර් සිය කණ්ඩායම ජයග්‍රහණයේ සනිටුහන් කළේය. පන්දු 27 කට මුහුණදුන් සෑන්ට්නර් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කළේය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් සිය 18 වැනි එක්දින ශතයක ලබාගත් රොස් ටේලර් එය හතරේ පහර 12 කින් අලංකාර කළේය. ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට පත්ව තිබූ නවසීලන්ත කණ්ඩායම එම තත්ත්වයෙන් මුදවාගත් ටේලර්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ටොම් ලේතම් (79) සමග එක්ව පන්දු 182 කදී ලකුණු 178 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. පන්දු 84 කදී වාර්තා වූ ලේතම්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජේසන් රෝයි (49) සහ නායක ජෝ රූට් (71) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 66 කදී වාර්තා වූ රෝයිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 75 කදී වාර්තා වූ රූට්ගේ ඉනිමටද හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජොස් බට්ලර් පන්දු 65 කදී ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී එංගලන්ත ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීම සඳහා බට්ලර්ට අනගි සහායක් දුන් මුයින් අලී පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 28 ක් රැස්කළේය.

මිචෙල් සෑන්ට්නර්, ඉෂ් සෝධි සහ ටේ‍රන්ට් බෝල්ට් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුවද, එංගලන්ත පිතිකරුවන් හමුවේ ඔවුහු දැඩි ලෙස පහර කෑමකට ලක්වූහ.


එංගලන්ත පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 284
(ජේසන් රෝයි 49, ජෝ රූට් 71, ජොස් බට්ලර් 79, මුයින් අලී 28, මිචෙල් සෑන්ට්නර් 54/2, ඉෂ් සෝධි 63/2, ටේ‍රන්ට් බෝල්ට් 64/2)

නවසීලන්ත පිල - ඕවර 49.2 කදී කඩුලු 7 ක් දැවී 287
(රොස් ටේලර් 113, ටොම් ලේතම් 79, මිචෙල් සෑන්ට්නර් නොදැවී 45, බෙන් ස්ටොක්ස් 43/2, ක්‍රිස් වෝක්ස් 47/2)


- 036

 


අදහස් (0)

ටේලර්ගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.