ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 12 ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරුවන් අතර 23 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි.
අවසන් වරට ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ කුසල්, බංග්ලාදේශ තරගාවලියේදී නැවතත් කණ්ඩායමට ඇතුළත් විය. චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසු ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු ටෙසට් තරගයේදීම ලකුණු 196 ක් රැස්කිරීමට සමත් විය.
ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගයේදී මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදීද ශතක ලබාගත් ධනංජය ද සිල්වා ස්ථාන 8 ක් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරුවන් අතර 38 වැනි ස්ථානයට පත්ව සිටියි. ඉන්දීය තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් රොෂේන් සිල්වා සිය මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවාගත් අතර බංග්ලාදේශයට එරෙහි පැවැති තරගයේදී ලබාගත් ශතකයත් සමගින් ස්ථාන 28 ක් ඉදිරියට පැමිණ තිබේ. මේ වන විට ඔහු ටෙස්ට් පිතිකරුවන් අතර 78 වැනි ස්ථානයේ පසුවේ.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු පිතිකරුවන් 10 දෙනා අතර රැදී සිටි එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල්, මේ වන විට ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 746 කි. එය සිය ක්‍රීඩා දිවියේදී ඔහු ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වේ.
බංග්ලාදේශ තරගය ආරම්භ වීමට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 24 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, එම තරගයේදී ලකුණු නොලබා දැවී යෑම නිසා ස්ථාන 4 ක් පසුබසිමින් 28 වැනි ස්ථානයට ඇද වැටී ඇත.
ලොව පළමු ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතර රැදී සිටි එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ රංගන හේරත් බංග්ලාදේශ ටෙස්ට් තරගයේදී කැපී පෙනෙන දස්කම් නොදැක්වීම හේතුවෙන් 6 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා ස්ථානයක් පසුබැස තිබේ. මේ වන විට ඔහු ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 784 කි.
| ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම | |||
| ස්ථානය | ක්‍රීඩකයා | රට | ලකුණු |
| 1 | ස්ටීවන් ස්මිත් | ඕස්ට්‍රේලියාව | 947 |
| 2 | විරාට් කෝලි | ඉන්දියාව | 912 |
| 3 | ජෝ රූට් | එංගලන්තය | 881 |
| 4 | කේන් විලියම්සන් | නවසීලන්තය | 855 |
| 5 | ඩේවිඩ් වෝනර් | ඕස්ට්‍රේලියාව | 827 |
| 6 | චෙටේෂ්වර් පුජාරා | ඉන්දියාව | 810 |
| 7 | හෂීම් අම්ලා | දකුණු අප්‍රිකාව | 771 |
| 8 | අසාර් අලී | පාකිස්තානය | 755 |
| 9 | දිනේෂ් චන්දිමාල් | ශ්‍රී ලංකාව | 746 |
| 10 | ඇලිස්ටෙයාර් කුක් | එංගලන්තය | 742 |
| පළමු 100 දෙනා අතර සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ | |||
| 23 | කුසල් මෙන්ඩිස් | 635 | |
| 24 | ඇන්ජලෝ මැතිව්ස් | 634 | |
| 28 | දිමුත් කරුණාරත්න | 622 | |
| 38 | ධනංජය ද සිල්වා | 585 | |
| 41 | නිරෝෂන් දික්වැල්ල | 568 | |
| 64 | උපුල් තරංග | 441 | |
| 68 | කෞෂාල් සිල්වා | 426 | |
| 78 | රොෂේන් සිල්වා | 392 | |
| 86 | කුසල් පෙරේරා | 360 | |
| 89 | දිල්රුවන් පෙරේරා | 356 | |
| 98 | අසේල ගුණරත්න | 342 | |
| ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම | |||
| ස්ථානය | ක්‍රීඩකයා | රට | ලකුණු |
| 1 | ජේම්ස් ඇන්ඩසන් | එංගලන්තය | 887 |
| 2 | කගිසෝ රබාඩා | දකුණු අප්‍රිකාව | 875 |
| 3 | රවින්ද්‍ර ජදේජා | ඉන්දියාව | 844 |
| 4 | ජොෂ් හෙසල්වුඩ් | ඕස්ට්‍රේලියාව | 814 |
| 5 | රවිචන්ද්‍රන් අශ්වින් | ඉන්දියාව | 803 |
| 6 | වර්නන් පිලැන්ඩර් | දකුණු අප්‍රිකාව | 791 |
| 7 | රංගන හේරත් | ශ්‍රී ලංකාව | 784 |
| 8 | නීල් වැග්නර් | නවසීලන්තය | 784 |
| 9 | මෝනි මෝකල් | දකුණු අප්‍රිකාව | 773 |
| 10 | මිචෙල් ස්ටාක් | ඕස්ට්‍රේලියාව | 769 |
| පළමු 100 දෙනා අතර සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නෝ | |||
| 28 | ඩිල්රුවන් පෙරේරා | 565 | |
| 33 | සුරංග ලක්මාල් | 507 | |
| 37 | නුවන් ප්‍රදීප් | 459 | |
| 57 | ලක්ෂාන් සඳකැන් | 307 | |
| 67 | දුෂ්මන්ත චමීර | 260 | |
| 72 | දසුන් ශානක | 227 | |
| 76 | ළහිරු කුමාර | 215 | |
| 80 | ළහිරු ගමගේ | 191 | |
| 84 | ඇන්ජලෝ මැතිව්ස් | 171 | |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.