Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියානුවෝ ග්‍රහණය දැඩිකරති

ඕස්ට්‍රේලියානුවෝ ග්‍රහණය දැඩිකරති

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද තමන්ගේ ග්‍රහණය තවදුරටත් දැඩිකළ ඕස්ට්‍රේලියානුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 213 ක් ලබාගත්හ. අයහපත් ආලෝක තත්ත්වය නිසා තුන්වැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල කඩුල්ලක් අතැතිව ලකුණු 402 ක් ඉදිරියෙන් සිටියේය.

ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියෙන් අනතුරුව අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට සූදානම් වන මෝර්නි මෝකල් අලංකාර පන්දු යැවීමක යෙදමින් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අමාරුවේ දැමීය. ලකුණු 42 කට කඩුලු 3 ක් දවාගත් උස වේග පන්දු යවන්නා තමන්ගේ ටෙස්ට් කඩුලු මල්ල 297 ක් දක්වා බරකර ගත්තේය.

මන්දගාමී තණතීරුවකදී මෝකල්ගේ පන්දු යැවීම ගැන කතාබහක් ඇතිව තිබූ නමුත් ඕස්ට්‍රේලියානුවෝ මේ වන විටත් තරගයේ පාලනය සියතට ගෙන සිටිති. තරගයේ සිවුවැනි දිනය වන හෙටත් පන්දුවට පහර දීමට ඕස්ටේ්‍රලියානුවන් අදහස් කරන්නේ නම් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසිය තවත් වැඩි කිරීමට පැට් කමින්ස් (නොදවී 17) සහ ජොස් හේසල්වුඞ් (නොදැවී 04) දෙදෙනාට අවස්ථාව තිබේ.

ඩර්බන් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී හඹා යමින් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 340 කි. එය දකුණු අප්‍රිකානු පිල විසින් 2002 දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලබාගත් ලකුණු සංඛ්‍යාවකි.
“පන්දු යවන්නන්ගේ පැත්තෙන් බැලුවොත් ඒක දැවැන්ත උත්සාහයක්. ඒ කෝක වුණත් මේ ලකුණු සංඛ්‍යාව හඹා යන්න පිතිකරුවන්ට නම් පහසු වෙන්නේ නෑ” යයිද මෝකල් තරගයෙන් අනතුරුව පැවසීය.

“කොහොම වුණත් අපි සටනක් දෙන්න  සූදානම් කියන එකත් පෙන්නන්න ඕනෑ” යයිද මෝකල් පැවසීය.

තරගයේ දෙවැනි දිනයේදී දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 162 කට සීමා කරමින් ලකුණු 189 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිමේදී කැමරන් බැන්ක්‍රොෆ්ට් අර්ධ ශතකයක් ලබාගත්තේය. මුල් ඉනිමේදී ලකුණු 96 ක් ලබාගත් මිචෙල් මාෂ්  දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි. මිචෙල්ගේ උඩපන්දුව රැකගත් හසිම් අම්ලා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් උඩපන්දු 100 ක් අල්ලාගත් තුන්වැන්නා බවට පත්විය. ජැක් කලිස් (200) සහ ග්‍රේඒම් ස්මිත් (169) අම්ලාට  වඩා ඉදිරියෙන් සිටිති.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 351 යි
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 162 යි

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 9 ක් දැවී 213 යි
(කැමරන් බැන්ක්‍රොෆ්ට් 53, ඬේවිඞ් වෝනර් 28, ස්ටීවන් ස්මිත් 38, ෂෝන් මාෂ් 33, ටිම් පේන් 14, පැට් කමින්ස් නොදැවී 17, මෝර්නි මෝකල් 42/3, කේෂව් මහාරාජ් 93/3, කගීසෝ රබාඩා 28/2)

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ග්‍රහණය දැඩිකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.