Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය 3-2 කින් එක්දින තරගාවලිය දිනයි

එංගලන්තය 3-2 කින් එක්දින තරගාවලිය දිනයි

ශනුක අරවින්ද - 2018 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ එංගලන්තය, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 කින් ජය ගැනීමට සමත් විය.

අවසන් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 32.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නායක ජෝ රූට් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 23 ක්ද, බෙන් ස්ටොක්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 26 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 60 කදී වේගවත් ශතකයක් ලබාගත්තේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. ඇලෙක්ස් හේල්ස් (61) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී ලකුණු 155 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද බෙයාස්ට්‍රෝ සමත් විය. පන්දු 74 කට මුහුණදුන් හේල්ස්, හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 223 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට හෙන්රි නිකලස් (55) සහ මිචෙල් සෑන්ට්නර් (67) සමත් වූහ. පන්දු 81 කදී වාර්තා වූ නිකලස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහරක් අන්තර්ගත වූ අතර පන්දු 71 කදී වාර්තා වූ සෑන්ට්නර්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

එංගල්නතය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් වොක්ස් සහ ආදිල් රෂීඞ් කඩුලු 3 බැගින් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ටොම් කරන් ලකුණු 46 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

නවසීලන්තය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 223
(මාටින් ගප්ටිල් 47, හෙන්රි නිකලස් 55, මිචෙල් සෑන්ට්නර් 67, ක්‍රිස් වෝක්ස් 32/2, ආදිල් රෂීඞ් 42/3, ටොම් කරන් 46/2)

එංගලන්තය - ඕවර 32.4 කදී කඩුලු 3 ක් දැවී 229
(ජොනී බෙයාස්ට්‍රෝ 104, ඇලෙක්ස් හේල්ස් 61, ජෝ රූට් නොදැවී 23, බෙන් ස්ටොක්ස් නොදැවී 26)

 

-036

 


අදහස් (0)

එංගලන්තය 3-2 කින් එක්දින තරගාවලිය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.