Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩිවිලියර්ස්ගෙන් හොඳ තල්ලුවක්

ඩිවිලියර්ස්ගෙන් හොඳ තල්ලුවක්

ශනුක අරවින්ද - 2018 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය ටෙස්ට් දිවියේ අනුස්මරණීය ශතකයක් ලබාගත් ඒ. බී. ඩිවිලියර්ස් ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පෝර්ට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (11 වැනිදා) ලකුණු 139 කින් දකුණු අප්‍රිකානු පිල ඉදිරියට ගෙන ගියේය. දිනය නිමා වීමට පෙර කගීසෝ රබාඩා විසින් කඩුලු 3 ක් බිම දැමීම නිසා ඕස්ට්‍රේලියානුවන් තුන්වැනි දිනය හමාර  කළේ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 5 කට ලකුණු 180 ක් ලබමිනි.

මිචෙල් මාෂ් සහ ටිම් පේන් දෙදෙනා කඩුල්ලේ රැඳී සිටි අතර ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 5 ක් පමණක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 41 ක් ඉදිරියෙන් සිටිති.

මේ වන විටත් විනය විරෝධී හැසිරිම පිළිබඳ චෝදනාවකට ලක්ව සිටින කගීසෝ රබාඩාට තරගාවලියේ ඉදිරි තරග දෙකම අහිමි විය හැකි නමුත් තමන්ට ලැබුණු අවස්ථාවේදී කණ්ඩායම වෙනුවෙන් උපරිම දේ කිරීම රබාඩා පසුබට නොවීය.

ඬේවිඞ් වෝනර් (13), උස්මන් කවාජා (75) සහ ෂෝන් මාෂ් (1) රබාඩා හමුවේ දැවී ගිය අතර ඕස්ට්‍රේලියානුවන් මුහුණ දුන් බරපතළම අර්බුදය වන්නේ නායක ස්ටීවන් ස්මිත් ලකුණු 11 කට දැවී යාමයි. ස්ටීවන් ස්මිත් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම අනුව මේ වන විට ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවාය.

මෙම තරගයේදී දකුණු අප්‍රිකානුවන්ට තරගයක් දීමට නම් ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් වෙතින් විශාල දායකත්වයක් ලැබිය යුතුව තිබේ.

ලකුණු 139 ක අවාසියකට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු පිලේ දෙවැනි ඉනිමේ සිවුවැනි කඩුල්ලත් ලකුණු 86 දී බිඳ වැටිණ. එහෙත් මිචෙල් මාෂ් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක් එක්කළ උස්මන් කවාජා ඕස්ට්‍රේලියානුවන්ගේ අවාසිය මකා දැමුවද රබාඩා හමුවේ දැවීයාම ඕස්ට්‍රේලියානුවන් අපේක්‍ෂා කළ යමක් නොවීය. ඇරත් කවාජා දැවීගියේ අද දිනයේ යැවිය යුතු අවසන් ඕවරයට පෙර ඕවරයේදීය. ඕස්ට්‍රේලියානුවෝ එවැනි දේ නොඉවසති.

උස්මන් කවාජා යනු බලපත්‍රලාභී ගුවන් නියමුවෙකි. ගුවන් නියමුවකු වශයෙන් ඔහු සාර්ථක සංචාරයකු වුවද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග සංචාරය කිරීමේදී නම් එතරම් සාර්ථක වූවෙක් නොවේ. මෙම ලකුණු 75 ලබාගැනීමට පෙර ඕස්ට්‍රේලියාවෙන් පිටතදී ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 9 සටහන් වූයේ 26, 18, 11, 0, 1, 1, 14, 6, සහ 4 ක් ලෙසිනි.

ඒ. බී. ඩිවිලියර්ස් අද ලබාගත්තේ සිය 22 වැනි ටෙස්ට් ශතකය වූවත් එය ඔහු වසර 3 කට පසුව ලබාගත් පළමු ටෙස්ට් ශතකයද විය. දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලෝක කුසලානයක් දිනාදීම පිණිස ටෙස්ට් පිටියෙන් තරමක් දුරට ඉවත් වී ඒ වෙනුවෙන් අවධානය යොමුකළ හිටපු නායකයා අද දිනයේ ලබාගත් ලකුණු 126 හතරේ පහර 20 ක් සහ හයේ පහරක්ද ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 243 ට පිළිතුරු සොයා යාමේදී දකුණු අප්‍රිකානු පිලේ 7 වැනි කඩුල්ලත් ලකුණු 227 දී බිඳ වැටිණ. එහෙත් වර්නන් ෆිලැන්ඩර් සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක් එක්කළ ඩිවිලියර්ස්, ඉන් අනතුරුව කේෂව් මහාරාජ් සමග එක්ව තවත් ලකුණු 58 ක් කණ්ඩායමට එක්කළේය.

ඕස්ට්‍රේලියා - පළමු ඉනිම 243 යි

දකුණු අප්‍රිකාව  - පළමු ඉනිම 382 යි
(ඩීන් එල්ගා 57, ඒඞ්න් මාක්රාම් 11, කගීසෝ රබාඩා 11, හසිම් අම්ලා 56, ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 126, වර්නන් ෆිලැන්ඩර් 36, කේෂව් මහාරාජ් 30, ජොෂ් හේසල්වුඞ් 98/2, පැට් කමින්ස් 79/3, මිචෙල් මාෂ් 26/2)

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 5 ට 180 යි
(කැමරන් බැන්ක්‍රොෆ්ට් 24, ඬේවිඞ් වෝනර් 13, උස්මන් කවාජා 75, ස්ටීවන් ස්මිත් 11, මිචෙල් මාෂ් නොදැවී 39, කගීසෝ රබාඩා 38/3,

 


අදහස් (0)

ඩිවිලියර්ස්ගෙන් හොඳ තල්ලුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.